විශිෂ්ට කවියකු වූ ඉන්දික ගුණවර්ධන නම් මේ නිර්මාණ ශිල්පියා මීට කලින් අපට ඡායාරූප ශිල්පියෙක් විධියට අපට හමු වෙලා නැහැ වුනත් ඔහු ෆොටෝෂොප් භාවිතයේ දී සුවිශිෂ්ටතා දැක්වූවෙක් කියල මට හිතුණ. මේ ඡායාරූප නිර්මාණයේ දී ඔහු වඩා ඉදිරියෙන් සිටියේ ඔහුගේ කවි සිත අතිශය ප්‍රබල ව චිත්ත රූප මවනා නිසා ය.
ඉන්දික විසින් ප්‍රකාශයට පත් කර තිබූ මේ ඡායාරූපය දෙස බලන්න.
එය අතිශය අඳුරු ය. ඒ අඳුරු බව දැඩි නිසා ම එහි ජීව ගුණය තරමක් පහළට බැස තිබුණි. එමෙන් ම එම රූපයේ පෙනෙන ජල තලය සහ වැව් පිටිය සාදන රේඛා දෙක වඩා ව්‍යාකූල බවක් දන්වයි.
ඡායාරූපය ග්‍රහණය කර ගැනීමේ දී තව ස්වල්පයක් උස අඩු කළේ නම් හෝ, තවත් පහත් ව ගත්තේ නම් හෝ මේ රේඛා දෙකක් පෙනීම වළක්වා ගන්නට තිබුණි. එසේ වූ විට එම රූපයේ බයිසිකලයක් තල්ලු කර ගෙන යන දරුවා වඩා පැහැදිළි ව ලොකු කතන්දරයක් අප ඉදිරියේ කියා පාන වගක් මට දැනේ.. , එය ඔබටත් දැනෙනවාදැයි බලා, දැනුනු දේ ලියා තබන මෙන් ඉල්ලමි..