Monday, May 21, 2012

Polar Panorama ධ්‍රැවීය පැනෝරාමා

ධ්‍රැවීය පැනෝරාමා පින්තූරයක් යනු කිසියම් දර්ශනයක් කුඩා රාමුවක් තුළ අංශක 360ක දර්ශනයක් ලෙස බලන්නට හැකි ලෙස සැකසීමයි. එය ඉතා ම පහසු ය.

පළමුවෙන් ම කළ යුත්තේ ධ්‍රැවීය පැනෝරාමාව සඳහා සුදුසු මූලික ඡායාරූප සැකසීමයි. ඔබ සතු ව මීට කළින් සාදන ලද පැනෝරාමා පින්තූරයකු වුවද ඒ සඳහා යොදා ගත හැකි ය.
එසේත් නැතිනම් කිසියම් සැලැස්මකට අනුව අදාල ඡායාරූප ගෙන, එය පැනෝරාමාවක් ආකාරයට සකසා ගත යුතු ය.

පළමුවෙන් ම ෆොටෝෂොප් මෘදුකාංගය විවෘත කර ගන්න.  දෙවනු ව, අලුත්, හිස්, සම චතුරස්‍රාකාර කැන්වසයක් සාදා එතුළට ඔබ සකසාගත් පැනෝරාමා ඉමේජය ගෙන එන්න.


 එම පින්තූරයේ අහසත් පොළොව පෙන්වන කොටසත් හැකි තරම් පුළුල් ව තිබේනම් වඩා හොඳ ය. දැන් මේ පින්තූරය එඩිට් මෙනුවේ ට්‍රාන්ස්ෆෝම් හි රොටේට් 180 Edit > Transform > Rotate 180 විධානය මගින් උඩුකුරු ලෙස හරවන්න. ඉන් පසු එය කැන්වසයේ ඉහළ කොටසට ගෙන යන්න. ඉමේජයේ දාරය කැන්වසයේ දාරයට වඩා ස්වල්පයක් වැඩි වන සේ විශාල ද කරන්න.

ඉන්පසු ෆිල්ටර් මෙනුවේ ඩිස්ටෝට් හි පෝලර් කෝඩිනේටස් Filter > Distort > Coordinates විධානය දෙන්න. එහි Rectangular to Polar රේඩියෝ බොත්තම සක්‍රිය කරන්න. සැණෙකින් ඔබේ ඉමේජය වෘත්තාකාර ව සැකසෙයි..!!




ඉන් පසු කළ යුත්තේ එහි හිස් තැන් සීරුවෙන් පිරවීම ය.

Share/Bookmark

9 comments:

  1. මරේ මරු... ට්‍රයි එකක් දීල බලන්න ඕන..!! ස්තුතියි සර්..

    ReplyDelete
  2. වැදගත් දෙයක්.... ස්තුතියි සර්..

    ReplyDelete
  3. මරු වැඩක්!
    කරමි!

    ReplyDelete
  4. වැදගත් දෙයක්.... ස්තුතියි සර්.. ට්‍රයි එකක් දීල බලන්න ඕන..!!

    ReplyDelete
  5. සමහර වෙළඳ දැන්වීම් වල මම මේ විදිහ පින්තූර දෙකල තියෙනවා. ඒත් මම කල්පනා කලා කොහොමද මේ වගේ පින්තූරයක් ගන්නේ කියල. දැන් දැනගත්ත හොරේ.
    හොරේ අල්ලලා දුන්නට බොහොම ස්තුතියි සර්.

    ReplyDelete
  6. අපූරුයි. බොහොම ස්තුතියි දැනුම බෙදා ගත්තාට. මේකේ වර්ඩ් වෙරිෆිකේෂන් ඉවත් කරනවා නම් හොඳයි. එතකොට කමෙන්ට් කරන්න ලේසියි.

    ReplyDelete
  7. බොහොම ස්තූතියි සර්. මමත් උත්සහ කරලා බලන්න ඕනේ

    ReplyDelete
  8. හොද පැහැදිලි පෝස්ට් එකක් (Polar Panorama) ධ්‍රැවීය පැනෝරාමා ගැන දන්නැති අයට දැනගන්න.

    ReplyDelete