Monday, December 27, 2010

Multiplicity Photography බහුවිධ ඡායාරූප




ඡායාරූප ශිල්පය ලොව පහළ වූවාට පසු, තැණුනු විවිධ කැමරා අතර අධි තාක්ෂණික කැමරා සඳහා ඈත්තේ වෙසෙස් ස්ථානයක්. ඉන් බොහෝ වැඩ නොකෙරුණත්, කරන වැඩවලින් ලැබෙන්නේ විපුල ආනන්දයක්. මේ දැක්වෙන්නේත් එවැනි තාක්ෂණික විප්ලවයක්.

තත්පරයට රූප රාමු විශාල ප්‍රමාණයක් සටහන් කර ගත හැකි කැමරා අතිශයින් මිල අධික වෙයි. විදේශීය ඡායාරූප ශිල්පීන් අතලොස්සක් දෙනා අතර එවැනි කැමරා තිබුණ ද අප රට තුළ ඈත්තේ උපරිම වශයෙන් තත්පරයට රූප රාමු 11ක් සටහන් කර ගන්නා කැමරා පමණි. මේ බහුවිධ ඡායාරෑප ගැනීම සඳහා අපට ප්‍රධාන ක්‍රම දෙකක පිහිටාධාරය ලබා ගන්නට හැකි ය.

1. අධිවේගී ද්වාර සහිත කැමරාවකින් එකම අවස්ථාවක එක ම ඉසව්වක් නොනවත්වා ඡායාරූප ගත කිරීමෙන්. මේ සඳහා ද කැමරාව නොසෙල්වී එක ම ස්ථානයක තිබිය යුතු ය.

2. එක ම අරමුණක් විවිධ තැන්වල තබමින් රූප රාමු ගණනාවක් ලබා ගෙන ඒවා එකිනෙකට බද්ධ කිරීමෙන්. මේ සඳහා ද කැමරාව එක ම තැනෙක නිශ්චල ව තිබිය යුතු වෙයි.
එමෙන් ම, එක ම නාභි තලයක් Focal plain , එක ම අනාවරණ අගයක් Exposure value සහ එක ම කැමරා කෝණයක් Camera Angle භාවිතා කිරීම අනිවාර්යය වෙයි. එමෙන් ම පසු බිමේ තිබෙන වස්තූන් ද නොසෙල්වී තිබෙයිනම් වඩාත් හොඳ සහ පහසු ය.

අප මේ අත්හදා බලන්නට යොදා ගන්නේ අපේ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවකු මෙන් ම නිරන්තරයෙන් ම සතත අභ්‍යාසයේ යෙදෙන ඡායාරූප ශිල්පියකු වන මිලින්ද වීරසේකරගේ http://www.facebook.com/home.php?#!/milindaw ඡායාරූප කිහිපයකුයි.

පළමුවෙන් ම විශාල පසුතලයක් තෝරාගෙන එහි ආලෝක තත්ත්වය මැනගෙන. එක ම අනාවරණ ප්‍රමාණයකට කැමරාව සකස් කර ගන්න. එය ශ්‍රමායික Manual විය යුතු ය. ඊ ළඟට කැමරාව එක ම නාභි තලයකය නාභි ගත කරන්න. එබේ අරමුණු සියල්ල ඒ තලයේ ම සිටින්නේනම් වඩා හොඳ ය.ඊට පසු කැමරාව හොඳ ත්‍රිපාද පීඨයක් Try-pod මත නොසෙල්වෙන සේ ස්ථාන ගත කරන්න. එසේ කළ පසු කැමරාව නොසොල්වා, ඡායාරූපයට හසු කර ගන්නා අරමුණ පමණක් වෙනස් කරමින් ඡායාරූප සටහන් කර ගන්න. මෙසේ කළ පසු කැමරාවේ කොටස අවසන් වෙයි.
ඉන් පසු අප ප්‍රයෝජනයට ගන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. සියලු ඡායාරූප විවෘත කරගෙන, එක් ඡායාරූපයක් මතට අනෙක් ඡායාරූප සියල්ල ම පිළිවෙලින් ගෙන ආ යුතු ය.

කොපි Copy කොට පේස්ට් Past කිරීම හෝ ඩ්‍රෑග් Drag කිරීම හෝ යන දෙකින් එකක් මේ සඳහා භාවිතා කළ හැකි ය.

අප මේ කාර්යය සඳහා ප්‍රයෝජනයට ගන්නේ ලේයර් පැලටයේ ඈති ලේයර් මාස්ක් Layer Mask පහසුකමත්, පින්සල සහ පේන්ට් බකට් යන ටූල් දෙකත් පමණි.

පළමුවෙන් ම ටූල් පෙට්ටියේ ඈති කලර් පැලටය කළු සහ සුදු බවට හරවාගන්න. ඒ සඳහා යතුරු පුවරුවේ ඩී D අකුර එබීම සෑහේ. දැන් පින්සල් ටූලය සක්‍රිය කර ගන්න. කැන්වසය මත රයිට් ක්ලික් කළ විට බ්‍රෂ් ටූල් ප්‍රීසෙට් වින්ඩෝව ඈර ගත හැකි ය. ඉන් තුඩේ හැඩය නොවිහිදෙන දැඩි Hard ආකාරයක් තෝරා ගන්න. මේ පින්සල් තුඩේ ප්‍රමාණය ලොකු වරහන් යතුරු මගින් සීරු මාරු කර ගන්නට පුලුවන.



ඉන් පසු ලේයර් පැලටයේ යට දාරයේ ඈති අයිකන් පේළියෙන් මැද රවුමක් සහිත අයිකනය ක්ලික් කළ විට ලේයර් මාස්ක් විධානය සක්‍රිය කර ගත හැකි ය. එසේ එය සක්‍රිය කළ විට ලේයර් පැලටයේ ඉමේජ් තම්නේලයට Image Thumbnail යාබදින් සුදු කොටුවක් සටහන් වෙයි. දැන් ඔබ පින්සලය ගෙන කළු වර්ණයෙන් ඉමේජයේ තෝරාගත් අරමුණ වටා ඉරකින් වටයක් අඳින්න. ඒ අඳින ඉර ඔබට නොපෙනෙයි. (එය දකින්නට අවශ්‍යනම් අනෙක් සියලු ම ලේයර්වල ඈස් සළකුණක් සහිත කොටුවට ක්ලික් කර එහි විසිබිලිටිය Layer Visibility ඕෆ් කර ගන්න.)




මෙසේ ඈඳ අවසන පේන්ට් බකට් ටූලය ගෙන එම අඳින ලද රවුමට පිටින් කළු පාට පදාසයක් වත් කරන්න. මේ කළු පාට මගින් කෙරෙන්නේ ඉමේජය මත මාස්ක් එකක් දැමීමයි. එවිට ඉමේජයට කිසිදු හානියක් නොවී ඒ කොටස වසා දමන්නට අපට පුලුවන. එහි වැසුණු කොටසක් යළි අවශ්‍යනම් කළ යුත්තේ ඒ මත සුදු පාට ගෑම පමණකි.

එසේත් නැතිනම් එය ම තවත් ආකාරයකට කළ හැකි ය. පින්සලය ගෙන කළු පාටින් අදාල ලේයරයේ ඉමේජය මත සීරුවෙන් අඳින්න. එවිට අවශ්‍ය රූපය වැසෙයි. එසේ සම්පූර්ණයෙන් ම රූපය වැසුණු පසු, ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්ට් හි ඉන්වර්ට් විධානය Image > Adjustment >Invert (Ctrl + I) දුන් විට, සැණෙකින් ඔබේ මාස්ක් එක අනිත් පසට අනුලෝම වෙයි. එවිට සිදු වන්නේ රූපය ඉතිරි වී පසුබිම වැසී යෑමයි. මේ ආකාර දෙකෙන් ඔබට පහසු ආකාරයක් තෝරාගෙන රූප මාස්ක් කර ගන්නට පුලුවන.

දැන් මෙසේ මාස්ක් කර ගත් ඉමේජය විසිබිලිටිය මගින් ඕෆ් කරන්න. එවිට යට ඈති ලේයරය පෙනෙන්නට පටන් ගනියි. මේ ආකාරයට සියලු ම ලේයර් මත මාස්ක් අඳිමින් අනවශ්‍ය රූප කොටස් වසා දමන්න. වසා අවසන් වූ පසු විසිබිලිටිය ඕෆ් කර යට ලේයරයට ද එසේ ම කරන්න. මෙසේ තිබෙන ලේයර් සියල්ල ම සක්‍රිය කරමින් මාස්ක් දමා ගන්න.

සියල්ල අවසන් වූ පසු යළි ඈස් රූපයට ක්ලික් කරමින් ඒවා දර්ශනය වන්නට සළස්වන්න. සියලු ම රූප කිසිදු අතුරු ආන්තරාවකින් තොර ව එක මත එක තිබෙණු ඔබට පෙනේවි. අවසානයේ මේ සියලු ලේයර් තනි ලේයරයක් ලෙසට ශිෆ්ට් කොන්ට්‍රෝල් ඊ Shift + Ctrl + E යතුරු මගින් මර්ජ් Merge කර ගන්න.



♦ නූතන ෆොටෝෂොප් නව සංස්කරණ සමග ඔබ මේ සංස්කරණය කර ගැනීම සඳහා මෙසේ වද විය යුතු ම නැත.
එක්කෝ කළ යුත්තේ මෙසේ වෙන් වෙන් ව ගන්නා සියළු ඉමේජ, එක ම කැන්වසයක් මතට ගෙන, ඒ සියල්ල ස්ටැක් කිරීම පමණි. ඊට අවශ්‍ය විධාන ඇත්තේ එඩිට් මෙනුවේ ය.
පළමු ව ඔටෝ අලයින් ලේයර්ස්. ඉන්පසු ඔටෝ බ්ලෙන්ඩ් ලේයර්ස්..



එසේත් නැතිනම් ෆයිල් මෙනුවේ ඕටොමේට් හි ස්ක්‍රප්ට් මෙනුවෙන් අදාලල සබ්මෙනුව තේරීම ය.


Share/Bookmark

15 comments:

  1. ස්තූතියි ඔබට ඉන්ද්‍රනාථ සර් මෙය හැමෝටම ඉගැන්වීමට ඔබෙ වටිනා කාලය වැය කරාට. කැමතියි මම දන්න දෙයක් මේකට එකතු කරන්න,

    ලබාගත් සියලු පින්තූර Photoshop වල File - Scripts - Load Files in to Stack මර්ගයෙන් පහසුවෙන් එකට එකතු කර ගත හැකියි. උත්සහ කරල බලන්න.

    ReplyDelete
  2. නියමයි. මාත් උත්සාහ කරලා බලන්න ඕනේ මේ අපූරු වැඩේ...

    ReplyDelete
  3. cant find the font installer ?? can you please give the link for fonts??

    ReplyDelete
  4. First install a Mozilla Fire fox & then click to tis link
    https://addons.mozilla.org/en-US/firefox/addon/53146

    ReplyDelete
  5. this is nice. sir can i get a photo shop software via web? or do i need to buy the software from a shop?

    ReplyDelete
  6. ඇත්තටම විශිෂ්ට නිර්මාණයක්!!!

    ReplyDelete
  7. Thanks Mr. Indranatha

    I'm going to try this.

    ReplyDelete
  8. Wow වටිනාකම අමිලයි
    ( මමත් මගේ පන්ඩිතකමට දන්න කෙනෙකුගෙන්
    මේක ගැන අහගන්නේ නැතිව
    Confuse වෙලානේ හිටියේ )

    ReplyDelete
  9. බොහොම ස්තූතියි සර් කියලා දුන්නාට.. මාත් එකක් කලා මේක බලං..

    පොඩි ගැටලුවක් තියෙනවා සර්.. කිවාට තරහා වෙන්න එපා,
    සර් තනිකරම සිංහලෙන් කියලා දෙද්දි පැටලෙනවා වගේ මට.. හැකිනම් පොටොශොප් වල වචන ඉංග්‍රිසියෙන්ම දැම්මා නම් ලේසියි..

    ReplyDelete
  10. තාක්ෂණික හැම වචනයක් ම වගේ මම සිංහල ඉංග්‍රීසි දෙකෙන් ම දාල තියෙනවනෙ..!!

    ReplyDelete
  11. මමත් මේක සහ Levitation Photography කියන එක සතියක විතර ඉඳල කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. youtube විඩියෝ කිහිපයක් හා ලිපි කිහිපයකුත් කියෙව්ව. වෙලාවක් තමයි දැන් ඕනෙ. :) සිංහලෙනුත් කියවන්න ලැබුනු එකත් එල. බොහොම ස්තුතියි.

    ReplyDelete
  12. බොහොම ස්තූතියි සර්! මාත් සර් කියපු දෙවන විදිහට උත්සාහ කරල බැලුව. පලමු විදිය උත්සාහ කරන්න නම් මගේ කැමරාවෙ තාක්ෂණය ප්‍රමාණවත් නෑ.

    http://digitaltalking.blogspot.com/2011/12/multiplicity-photography.html

    http://digitaltalking.blogspot.com/2011/12/multiplicity-photography_30.html

    මේ තියෙන්නෙ මම උත්සාහ කරපුවා..

    ReplyDelete
  13. ස්තූතී ඉන්ද්‍රනාත මහත්තයො..

    ReplyDelete
    Replies
    1. අනේ මට හරියට කරගන්න බැ නොවේ මේ වැඩේ.. විඩියො එකක් නැද්ද???

      Delete