Friday, August 6, 2010

Achini Pabasara Ranasinghe's Photos - Deep voice

අචිනි පබසරා රණසිංහගේ Deep voice කියන පින්තූර ඈල්බමය බලද්දි ඈස ගැටුණු මේ පින්තූරය ගැන වචනයක් කියන්න හිතුණ.

ඈත්තට ම මේ පින්තූරය හොඳයි. නමුත් අනවශ්‍ය පරිදි අඳුරු කිරීම නිසා ඉන් මතු වන ගැඹුරු හඬ ඈහෙන්නෙ නැහැ වගේ මට දැනුන. ඒත් එක්ක ම ඒ පින්තූරය වටා දාල තියෙන කළු කොටුව නිසා, පින්තූරය නගන ගැඹුරු හඬ සහමුලින් ම හිර වෙලා කියලත් මට දැණුන. දකුණු උඩ කෙළවරේ තියෙන අඳුරු ගූඨ බව එළියට යා ​නොහැකි ව අතරමං වෙනව වගේ හිතෙනව. එයින් අපේ ඈසද අතරමං වෙනව.
ඉතිං මං කළේ ඒ පින්තූරෙ අඳුරු බව අඩු කරල වටේ කොටුව Crop Tool එකෙන් කපල දාපු එක විතරයි. මේ අඳුරු බව නැති කරන්න මම කළේ පුංචි උප්පරවැට්ටියක් විතරයි. මුලින් ම පින්තූරය ෆොටෝෂොප් එකට අරං ගියා. ඊට පස්සෙ ඒ පින්තූරෙම අලුත් පිටපතක් හැදුව ඒ කැන්වසය උඩ ම. ඒක කළේ Ctrl + J විධානය දීමෙන්. ඒ කෙටි මගෙන් වෙන්නෙ Layer Via Copy කියන විධානය. එයින් ඒ ලේයරයේ තිබෙන සියලු වත්කම් ඒ ආකාරයෙන් ම පිටපත් වෙලා, අලුත් ලේයරයක් විධියට ඒ කැන්වසය මත ම හැදෙනවා.. ඊට පස්සෙ මේ අලුත් ලේයරයේ මෝඩ් Mode එක ස්ක්‍රීන් Screen ලෙස වෙනස් කරනව. එවිට සිදු වන්නේ ඒ ලේයරයේ තියෙන සියලු ම කළු වර්ණ හරහා යට තිබෙන ලේයරය පෙනීමට පටන් ගැනීමයි. ඒ නිසා ම එහි ඈති අනෙකුත් සියලු ම වර්ණ දෙගුණයක් වෙනවා. මේ වැඩි වීම තරමක් වැඩියි නම් කළ යුත්තේ එහි ෆිල් Fill අගය අඩු කිරීමයි.



දැන් හොඳට සවන් යොමු කරල බලන්න. ඈහෙනවද අචිනිගේ ගැඹුරු හඬ...???

Share/Bookmark

6 comments:

  1. aaaaa mmmmmm ahenawa ahenawa.....dan photo eka katha karanwa

    ReplyDelete
  2. raamuwa iwath karapu eka gena mamath sathutui. hebei original photo eke anduru bawa thula bhayankaara, muspenthu gathiyak thiyenawa. ee rasaya esema thiya gaththa nam mama kemathie. (paudgalika adahasa)

    ReplyDelete
  3. උඩ පින්තූරයත් නෑවත edit කළ පහළ පින්තූරයත්, කතන්දර දෙකක් කියවෙන පින්තූර "දෙකක්" හෑට්යට මගේ හිත ඈද බෑද තබාගත්තා.. (නමුත් මමත් කෑමතියි උඩ පින්තූරයේ තිබුණු අදුරු ගුප්ත ස්ව්භාවයට..)

    ReplyDelete