මේකත් අචිනිගේ ම පින්තූරයක්.

අචිනිගේ Deep Voice ඇල්බමයේ කලින් තිබුණෙ මේ පින්තූරය. මේ පින්තූරය සමාව දෙන්න බැරි තරම් Out of Focus බව ඇත්ත උනත් ඉන් මතුව පෙනෙන රූපය ලොකු කතන්දරයක් කියන හින්දා ම ඒ ගැන කතා කරන්න මටත් හිතුණා. විසි දැලක නිවැරදි ම පින්තූරයක් ගන්නනම් ඒ ඡායාරූප ශිල්පියා නිවැරදි ම මොහොතේ ෂටර් බොත්තම ඔබන්න තරම් අති දක්ෂයෙක් වෙන්න ඕනෙ. මේ පින්තූරය ඒ අතින් හරි ම නිවැරදි මොහොතෙ ග්‍රහණය කර ගන්න තරම් අචිනි දක්ෂ වෙලා තියෙනවා. ඡායාරූපයක් වටේ පට්ටම් දාන එක දැං කාලෙ මෝස්තරයක් නිසා ද මන්ද අචිනි හැම විට ම තමන්නේ පින්තූරය වටේට හිර කූඩුවක් හදල දානව. සමහර විට තමන්නේ නිර්මාණය වෙන කෙනෙක් හොරකම් කරගෙන යයි කියල බයට වෙන්නත් පුලුවන්.
මුලින් ම මේ පින්තූරය දැක්ක වෙලාවෙ එහි යට පටිය කපල දාන්න කියල මම ඉල්ලීමක් කළාම ඈ ඒක ඉටු කරල තිබුණ.
ඒ පින්තූරෙ දිහා නැවත බැලුවම මට හිතුණ උඩ තියෙන කළු පටියත් පින්තූරයට ම බද්ධ කළානම් හොඳයි කියල.
ෆොටෝෂොප් තියෙනකම් ඉතින් අපට ඕනෙ ඕනෙ විධියට සෙල්ලම් දාල බලන්න පුලුවන්නෙ.
නමුත් හොඳ පින්තූරයක් නැතිනම්, ඒ කියන්නේ මූලාශ්‍රය Source File හොඳ නැතිනම් දෙවනු ව හොඳ පින්තූරයක් හදන්න බැරි බවත් හැමෝ ම හිතට ගනනවානම් හොඳයි..!!

අචිනිගේ Deep Voice ඇල්බමයේ කලින් තිබුණෙ මේ පින්තූරය. මේ පින්තූරය සමාව දෙන්න බැරි තරම් Out of Focus බව ඇත්ත උනත් ඉන් මතුව පෙනෙන රූපය ලොකු කතන්දරයක් කියන හින්දා ම ඒ ගැන කතා කරන්න මටත් හිතුණා. විසි දැලක නිවැරදි ම පින්තූරයක් ගන්නනම් ඒ ඡායාරූප ශිල්පියා නිවැරදි ම මොහොතේ ෂටර් බොත්තම ඔබන්න තරම් අති දක්ෂයෙක් වෙන්න ඕනෙ. මේ පින්තූරය ඒ අතින් හරි ම නිවැරදි මොහොතෙ ග්‍රහණය කර ගන්න තරම් අචිනි දක්ෂ වෙලා තියෙනවා. ඡායාරූපයක් වටේ පට්ටම් දාන එක දැං කාලෙ මෝස්තරයක් නිසා ද මන්ද අචිනි හැම විට ම තමන්නේ පින්තූරය වටේට හිර කූඩුවක් හදල දානව. සමහර විට තමන්නේ නිර්මාණය වෙන කෙනෙක් හොරකම් කරගෙන යයි කියල බයට වෙන්නත් පුලුවන්.
මුලින් ම මේ පින්තූරය දැක්ක වෙලාවෙ එහි යට පටිය කපල දාන්න කියල මම ඉල්ලීමක් කළාම ඈ ඒක ඉටු කරල තිබුණ.

ෆොටෝෂොප් තියෙනකම් ඉතින් අපට ඕනෙ ඕනෙ විධියට සෙල්ලම් දාල බලන්න පුලුවන්නෙ.


dats true
ReplyDelete