Thursday, July 29, 2010

ඉන්දික ගුණවර්ධන කවියාගේ ඡායාරූප 01

විශිෂ්ට කවියකු වූ ඉන්දික ගුණවර්ධන නම් මේ නිර්මාණ ශිල්පියා මීට කලින් අපට ඡායාරූප ශිල්පියෙක් විධියට අපට හමු වෙලා නැහැ වුනත් ඔහු ෆොටෝෂොප් භාවිතයේ දී සුවිශිෂ්ටතා දැක්වූවෙක් කියල මට හිතුණ. මේ ඡායාරූප නිර්මාණයේ දී ඔහු වඩා ඉදිරියෙන් සිටියේ ඔහුගේ කවි සිත අතිශය ප්‍රබල ව චිත්ත රූප මවනා නිසා ය.

ඉන්දික විසින් ප්‍රකාශයට පත් කර තිබූ මේ ඡායාරූපය දෙස බලන්න.එය අතිශය අඳුරු ය. ඒ අඳුරු බව දැඩි නිසා ම එහි ජීව ගුණය තරමක් පහළට බැස තිබුණි. එමෙන් ම එම රූපයේ පෙනෙන ජල තලය සහ වැව් පිටිය සාදන රේඛා දෙක වඩා ව්‍යාකූල බවක් දන්වයි.

ඡායාරූපය ග්‍රහණය කර ගැනීමේ දී තව ස්වල්පයක් උස අඩු කළේ නම් හෝ, තවත් පහත් ව ගත්තේ නම් හෝ මේ රේඛා දෙකක් පෙනීම වළක්වා ගන්නට තිබුණි. එසේ වූ විට එම රූපයේ බයිසිකලයක් තල්ලු කර ගෙන යන දරුවා වඩා පැහැදිළි ව ලොකු කතන්දරයක් අප ඉදිරියේ කියා පාන වගක් මට දැනේ.. , එය ඔබටත් දැනෙනවාදැයි බලා, දැනුනු දේ ලියා තබන මෙන් ඉල්ලමි..

Share/Bookmark

අචිනි ගත් පින්තූරය ගැන..

ෆොටෝ එක යටින් දමන කොමෙන්ටුවෙන් ගොඩක් දේ කියන්න බැරි, ඒ පින්තූරය ගැන මට පෙනුනු ආකාරය පෙන්වන්නට නොහැකි නිසයි..ඒ නිසා ඔන්න අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා. ඈයි ඉතිං වෙන වැඩකුත් නැහැනෙ...!!!

කොහොමින් හරි මේ මා දකින හැටි කියන්නට අපේ අචිනි පබසරා රණසිංහගේ ම පින්තූරයක් තෝරා ගන්නට ලැබීමත් මට එක්තරා සන්තෝසයක්..ඒ මූණු පොත හරහා, ඒ ගොල්ලන්නේ කණ්ඩායමෙන් ඉස්සෙල්ල ම මම හඳුනා ගත්තේ ඇ නිසා..

මේ තියෙන්නේ අචිනි ගත් පින්තූරය.
පළමුවෙන් ම මම කළේ එහි වටා දමා තිබෙන රාමුව ගලවා වීසි කිරීමයි. ඉතා ම කලාතුරකින් පින්තූරයකට රාමුවක් දැම්මා ම ඒ පින්තූරය තිබෙනවාට වඩා හොඳින් ග්‍රහණය කර ගන්නට අපට පුලුවන් වූණත්, බොහෝ ඡායාරූපවලට රාමුවක් යෙදීමෙන් එය අතිශය සීමාන්තික වෙනවා කියලයි මට හිතෙන්නෙ.

මේ ඡායාරූපයේ ආලෝකකරණය ඉතාම හොඳයි. නමුත් පාවිච්චි කළ තනි ආලෝක කදම්බය තව ටිකක් පහත් වෙලා පැති ආලෝකයක් උනානම් හොඳයි කියල මට හිතුණ. අවාසනාවකට මට ඒක හදල පෙන්වන්න බැහැ තාක්ෂණික ප්‍රශ්ණ නිසා. ඒ වගේ ම මට හිතුණ මේ කාන්තාවගේ කළවා යුගලයට පතිත වුණු ආලෝකය වැඩියි කියල. බැලුවම ඉස්සෙල්ල ම පෙනෙන්නේ එතැන. දෙකළවා අතර වැතිර තිබෙන රෙදි කඩ තරමක් පහළට එබුවානම්, එතැන සෑදෙන සෙවනැල්ලෙන් ඒ දැඩි ආලෝකවත් බව අඩු කර ගන්න පුලුවන්. මේ තියෙන්නෙ මේ පින්තූරය ම මම ගත්තනම් අවසන් කොට දක්වන විධියයි.

Share/Bookmark