Friday, October 12, 2012

ආලේඛ්‍ය ඡායාරූප පණ ගැන්වීම 01 (කළු සුදු)


ආලේඛ්‍ය ඡායාරූපකරණය යනු ඡායාරූප විෂයය ක්ෂේත්‍රයේ ඇති වැදගත් ම අනු විෂයයකි. එයිනුදු පින්තූරයක් කළු සුදු ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඡායාරූප විනිශ්චයේදී ඔබේ ඡායාරූපයට වැඩි තක්සේරුවක් ලැබෙන අවස්ථාවක් වෙයි. අද අපි මේ සූදානම් වන්නේ වර්ණ ඡායාරූපයක් සිතැඟි පරිදි ජව ගන්වන ආකාරයයි.

පළමුවෙන් ම ඔබේ පින්තූරය ෆොටෝෂොප් මෘදුකාංගය මත විවෘත කර ගන්න. මේ පින්තූරය සංස්කරණය කිරීම සඳහා මා භාවිතා කළේ Photoshop CS5 සංස්කරණයයි.


දැන් එහි ඉමේජ් මෙනුවේ ඇජස්ට්මන්ට් හි ඇති බ්ලැක් ඇන්ඩ් වයිට් Image > Adjustment > Black & White  විධානය තෝරා ගන්න. ඊට ක්ලික් කළ විට සංවාද කොටුවක් මතු වෙයි.

 එහි ප්‍රීසෙට් Preset විකල්ප කොටුවේ ඩවුන් ඇරෝවට ක්ලික් කළ විට විකල්ප ගණනාවක ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් මතු වෙයි. ඉන් ඉන්ෆ්‍රාරෙඩ් Infrared විකල්පය දුන් විට ඒ අනුව පින්තූරය කළු සුදු ආකාරයට පරිවර්තනය වෙයි.

 ඉන්පසු යතුරු පුවරුවෙන් කොන්ට්‍රෝල් සහ ජේ Ctrl + J (Layer via Copy) අකුරු එබීමෙන් එම ඉමේජයේ ම ලේයර් පිටපතක් සාදා ගත හැකි ය.


දැන් මේ සාදා ගත් නව ලේයරය මත හයිපාස් ෆිල්ටරය ආදේශ කළ යුතු ය. ෆිල්ටර් මෙනුවේ කෙළවරට වන්නට ඇති අදර් මෙනුවේ උප මෙනුවක් ලෙසින් හයිපාස් ෆිල්ටරය Filter > Other > High pass තිබේ. එම විධානය සක්‍රිය කළ විට සංවාද කොටුවක් මතු වෙයි. එහි ස්ලයිඩරය සීරු මාරු කිරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට විස්තරාත්මක බව වැඩි වන ප්‍රමාණයට එය සකස් කර ගත හැකි ය.


දැන් මේ ෆිල්ටරය ආදේශ කළ ලේයරයේ බ්ලෙන්ඩින් මෝඩ් Blending Mode එක ඕවර්ලේ Overlay ලෙසින් දෙන්න.

ඉන්පසු බැක්ග්‍රවුන්ඩ් ලේයරය සක්‍රිය කොට එහි බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් Image > Adjustment > Brightness Contrast ඔබට ඇවැසි පරිදි සකසා ගන්න. එසේ සැකසීමෙන් පසු මේ ලේයර් දෙක ම කොන්ට්‍රෝල් ඊ Ctrl + E විධානය මගින් මර්ජ් Merge කර ගත හැකි ය.
 
ඊට පසු ටූල් පෙට්ටියේ ඇති බර්න් Burn ටූලයෙන් (ළා තැන් අඳුරු කිරීම) සහ ඩොජ් Dodge ටූලයෙන් (අඳුරු තැන් ළා පැහැ කිරීම.) මුහුණේ ඇති සියුම් විස්තර Fine detail උලුප්පා ගත හැකි ය. 

මේ දැක්වෙන්නේ ඔබේ මුල් ඡායාරූපය සහ එය සංස්කරණය කොට අවසන් කළ විට දැක්වෙන ආකාරයයි.
 
මේ මුල් ඡායාරූපය මට ලබා දුන් හිතවත් රුවන් චින්තක මහතාට මගේ ස්තූතිය මෙයින් පිරිනමමි.

Share/Bookmark

Monday, May 21, 2012

Polar Panorama ධ්‍රැවීය පැනෝරාමා

ධ්‍රැවීය පැනෝරාමා පින්තූරයක් යනු කිසියම් දර්ශනයක් කුඩා රාමුවක් තුළ අංශක 360ක දර්ශනයක් ලෙස බලන්නට හැකි ලෙස සැකසීමයි. එය ඉතා ම පහසු ය.

පළමුවෙන් ම කළ යුත්තේ ධ්‍රැවීය පැනෝරාමාව සඳහා සුදුසු මූලික ඡායාරූප සැකසීමයි. ඔබ සතු ව මීට කළින් සාදන ලද පැනෝරාමා පින්තූරයකු වුවද ඒ සඳහා යොදා ගත හැකි ය.
එසේත් නැතිනම් කිසියම් සැලැස්මකට අනුව අදාල ඡායාරූප ගෙන, එය පැනෝරාමාවක් ආකාරයට සකසා ගත යුතු ය.

පළමුවෙන් ම ෆොටෝෂොප් මෘදුකාංගය විවෘත කර ගන්න.  දෙවනු ව, අලුත්, හිස්, සම චතුරස්‍රාකාර කැන්වසයක් සාදා එතුළට ඔබ සකසාගත් පැනෝරාමා ඉමේජය ගෙන එන්න.


 එම පින්තූරයේ අහසත් පොළොව පෙන්වන කොටසත් හැකි තරම් පුළුල් ව තිබේනම් වඩා හොඳ ය. දැන් මේ පින්තූරය එඩිට් මෙනුවේ ට්‍රාන්ස්ෆෝම් හි රොටේට් 180 Edit > Transform > Rotate 180 විධානය මගින් උඩුකුරු ලෙස හරවන්න. ඉන් පසු එය කැන්වසයේ ඉහළ කොටසට ගෙන යන්න. ඉමේජයේ දාරය කැන්වසයේ දාරයට වඩා ස්වල්පයක් වැඩි වන සේ විශාල ද කරන්න.

ඉන්පසු ෆිල්ටර් මෙනුවේ ඩිස්ටෝට් හි පෝලර් කෝඩිනේටස් Filter > Distort > Coordinates විධානය දෙන්න. එහි Rectangular to Polar රේඩියෝ බොත්තම සක්‍රිය කරන්න. සැණෙකින් ඔබේ ඉමේජය වෘත්තාකාර ව සැකසෙයි..!!




ඉන් පසු කළ යුත්තේ එහි හිස් තැන් සීරුවෙන් පිරවීම ය.

Share/Bookmark

Friday, April 20, 2012

ඇන්ද වගේ පින්තූර

ඔබ ඔබේ ම කැමරාවෙන් ගත්තු පින්තූරයක් ඇන්ද වගේ දකින්න ආසයි ද..?


පුංචි වැඩක් කරමු...!
ඉස්සෙල්ල ම ඔබ ගත් පින්තූරයක් ෆොටෝෂොප් මෘදුකාංගය මත විවෘත කර ගන්න.

එහි දකුණු පස ලේයර් Layer නමින් පැලටයක් තිබේ. නැතිනම් වින්ඩෝ මෙනුවට ගොස් එහි ඇති ලේයර් විධානයට ක්ලික් කළ විට ලේයර් පැටය ද තිරය මතට එයි. 

ඒ ලේයර් පැලටය මත ඔබේ ඉමේජය තිබෙන්නේ බැක්ග්‍රවුන්ඩ් නමිනි. දැන් යතුරු පුවරුවේ කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න. එවිට ලේයර් පැලටය මත Layer 1 නමින් තවත් ලේයරයක් සෑදෙන අයුරු ඔබට පෙනේවි.

මේ ලේයර් මත ක්ලික් කළ විට සක්‍රිය වන්නේ අදාල ලේයරය පමණි. එනම් ඔබ සිදු කරන ඕනෑම සංස්කරණයක් සිදු වන්නේ මේ සක්‍රිය ලේයරය මත පමණකි. 


දැන්  මේ ලේයර් පැලටයේ උඩ වම් කෙළවරේ ඇති නෝමල් ලෙසින් පෙනෙන මෝඩ් විකල්පය දෙස බලන්න. එහි ඇති ඩවුන් ඇරෝවට ක්ලික් කළ විට විකල්ප ගණනාවක් පහළට දිග හැරෙයි.  එයින් කලර් ඩොජ් විකල්පය තෝරන්න. Layer > Blending Mode > Color Dodge සැනෙකින් ඒ ලේයරය මත ඇති පින්තූරයේ වර්ණ අන්තරය දැඩි ව පෙනෙන්නට පටන් ගනියි. 

ඉන් පසු ඔබ කළ යුත්තේ ඉමේජ් මෙනුවේ එජස්ට්මන්ට් හි ඇති ඉන්වර්ට් උප මෙනුව Image > Adjustment > Invert සක්‍රිය කිරීමයි. දැන් මේ ලේයරය මත ඇති ඉමේජය සුදු පැහැ වෙයි.


 අවසාන ව ඔබ කළ යුත්තේ ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි, ගෟෂන් බ්ලර් උප මෙනුව Filter > Blur > Gaussian Blur සක්‍රිය කිරීමයි. එවිට සංවාද කොටුවක් මතු වෙයි. එහි ඇති රේඩියස් Radius ස්ලයිඩරය තිබෙන්නේ ඔබට එහා මෙහා කර බලන්නටයි...!!!!




Share/Bookmark