මුලින් ම කළ යුත්තේ අවශ්‍ය ඡායාරූපයක් සොයා ගැනීමයි. ඉන් පසු ඒ පින්තූරය ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්හි ඩිසැචුරේට් Image > Adjustment > De saturate විධානය මගින් අළු පැහැයට හරවා ගන්න. ඊට පසු එහි පැහැ අන්තරය හැකි තරම් දැඩි කරන්න. මේ සඳහා ඔබට ආකාර කිහිපයක් ම භාවිතා කළ හැකි ය. ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්ටි හි ලෙවල් Levels, කර්ව්ස් Curves හෝ බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් Brightness contrast ඒ ආකාර තුනයි.

දැන් මේ පින්තූරය සහිත ලේයර් පැලටයේ ලේයරය මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලේයර් ප්‍රොපටි Layer Property වින්ඩෝව මතු වී එය නම් කරන්නැයි ඔබට කියාවි.
එය ඕකේ කරන්න. ඊට පසු ලේයර් පැලටයේ යට දාරයේ ඇති කඩදාසියක් නැව්වා වැනි ක්‍රියේට් නිව් ලේයර් Create New Layer රූප අයිකනයට ක්ලික් කර අලුත් හිස් ලේයරයක් සාදා ගෙන එය සුදු පාටින් පුරවා ගන්න.
ඊට පසු මේ ලේයර් දෙක උඩ යට මාරු කර ගන්න.
දැන් කළ යුත්තේ අකුරු ටිකක් සකසා ගැනීමයි. මුලින් ම ටයිප් ටූලය සක්‍රිය කර, ඉන් මුලු ඉමේජය පිරෙන්න ම කොටුවක් ලකුණු කරන්න. ඊට කියන්නේ පැරග්‍රාෆ් බොක්ස් Paragraph Box කියායි. දැන් හැකි තරම් කුඩා පොයින්ට් ප්‍රමාණයක් තෝරාගෙන ඉන් ඔබ කැමැති වගන්තියක් ඒ මත ටයිප් කරන්න. නැතිනම් වෙනත් ටයිප් කරන ලද කුමන හෝ වගන්ති සහිත මෘදුකාංගයක් හෝ විවෘත කරගෙන එහි ඈති යමක් පිටපත් Copy කර ගත්තත් කමක් නැත.
එසේ ගත් වගන්තිය මේ පැරග්‍රාෆ් කොටුව පිරෙන තෙක් ම නැවත නැවතත් පේස්ට් Past කරන්න. අකුරු අතර පේළි ඉඩ හැකි තරම් අවම කර ගන්න. ඒ සඳහා ඔබට කැරැක්ටර් පැලටයේ උදව්ව ලබා ගන්නට පුලුවන.
දැන් කළ යුත්තේ අකුරු ලේයරය යටට දමා පින්තූරය සහිත ලේයරය උඩට ගැනීමයි. එසේ ගෙන එහි ලෙයර් මෝඩ් Layer Mode එක ස්ක්‍රීන් Screen ලෙස වෙනස් කරන්න. එවිට සැණෙකින් පින්තූරයේ කළු පාට හරහා යටින් ඈති අකුරු පෙනෙන්නට පටන් ගනී.
මෙය කිසියම් වර්ණයකින් දකින්නට අවශ්‍යනම් එක්කෝ අකුරු ටික කැමැති වර්ණයකින් වර්ණ ගැන්විය හැකි ය. නැතිනම් පින්තූර ලේයරයට උඩින් අලුත් හිස් ලේයරයක් සාදා, එය ඔබ කැමැති වර්ණයකින් පුරවා එහි ලේයර් මෝඩ් එක ස්ක්‍රීන් ලෙස සැකසීමෙන් ද වර්ණ ගැක්විය හැකි ය.



එසේ ගත් වගන්තිය මේ පැරග්‍රාෆ් කොටුව පිරෙන තෙක් ම නැවත නැවතත් පේස්ට් Past කරන්න. අකුරු අතර පේළි ඉඩ හැකි තරම් අවම කර ගන්න. ඒ සඳහා ඔබට කැරැක්ටර් පැලටයේ උදව්ව ලබා ගන්නට පුලුවන.
දැන් කළ යුත්තේ අකුරු ලේයරය යටට දමා පින්තූරය සහිත ලේයරය උඩට ගැනීමයි. එසේ ගෙන එහි ලෙයර් මෝඩ් Layer Mode එක ස්ක්‍රීන් Screen ලෙස වෙනස් කරන්න. එවිට සැණෙකින් පින්තූරයේ කළු පාට හරහා යටින් ඈති අකුරු පෙනෙන්නට පටන් ගනී.



niyamaaiii.. mamath meka igena ganna asawen hitiye!
ReplyDeletethank u very much
ReplyDeleteරචින්ත, වැඩක් කරල පෙනෙන්න දාන්න. ඒක තමයි මට ලබෙන සතුට..!!
ReplyDeletethank u
ReplyDelete