ස්ටාර් ෆිල්ටරය Star Filter යනු ඡායාරූප ශිල්පීන් අතිශය කැමැති පෙරණ වර්ගයකි. ඡායාරූපයේ දිලිසෙන තැන් මෙන් ම ආලෝක ලප මත ද තරුවක හැඩැති දිදුලවීමක් සටහන් කරන බැවින් ඉන් ඡායාරූපයට ලැඛෙන්නේ අතිශය සුන්දර වටිනාකමකි. ස්ටාර් ෆිල්ටරයක් තරමක මිලක් වුව ද, එය නිරන්තරයෙන් ම කාචය මත සවි කොට ඡායාරූප ගතහොත් සියලූ ම රූප කොටස් මත ඇසට පෙනෙන නොපෙනෙන දිදුලවීම් සටහන් වන නිසා එම ඡායාරූපය පමණට වඩා ඩිෆියුස් වී පෙනීම සිදු වේ. එය එතරම් සුබ කාරණයක් නොවේ. එනිසා ෆොටෝෂොප් ශිල්පියෙකු ට අවශ්‍ය තැනට පමණක් මේ ෆිල්ටරය යෙදීමේ වාසනාවන්ත පහසුකම ලැබේ. ඔබ මේ ෆිල්ටරයක් සාදා ගත යුත්තේ ජීවිතයට ම එක් වරක් පමණි. ඊට කිසිම මිලක් වැය නොවන අතර පසුව වුව ද අමතර වියදමක් සිදු නොවේ.
දැන් අපි පියවරෙන් පියවර මේ ෆිල්ටරය සාදා ගන්නා අයුරු බලමු.
පළමුවෙන් ම අලූත් කැන්වසයක් සාදා ගන්න. එහි රෙසොලුෂන් 300ppi, දිග පළල පික්සල් 500 බැගින් ද විය යුතු ය. එහි නම Star Filter ලෙස නම් කරන්න. පසුබිම ට්‍රාන්ස්පේරන්ට් Transparent වීම වඩා පහසු ය.

දැන් මේ හිස් කැන්වසය මතට ගයිඩ් ලයින් දෙකක් දමා ගන්න. මෙම ගයිඩ් ලයින් නිවැරදි ව කැන්වසයේ හරි මැදට දමා ගැනීම අපහසුනම්, විධානය දී මුළු කැන්වසය ම සිලෙක්ට් කර ගන්න. ඉන් පසු ඕනෑම සිලෙක්ෂන් ටූලයකට ගෙන, ඉන් මේ කැන්වසය මැදට රයිට් ක්ලික් කරන්න. එවිට මතුවන මෙනුවෙන් ට්‍රාන්ස්ෆෝම් කොන්ට්‍රෝල් විධානය දෙන්න. එවිට මේ සිලෙක්ෂන් එක වටා නෝඩ් මහිත කොටුවක් සෑදේ. දැන් රූලරයට ක්ලික් කොට ඇද ගෙන ආ විට ඉබේ ම ගයිඩ් ලයින් එකක් සෑදේ. (රෑලරය පෙනෙන්නේ නැතිනම් විව් මෙනුවේ මැද ඇති රෑලර්ස් මෙනුව සක්‍රිය කරන්න.) මේ ගයිඩ් ලයින් එක මූව් ටූලය මගින් ඇදගෙන යන විට හරි මැද දී පැටලෙන ගතියක් දැනේ. එ අයුරින් දෙපැත්තට ම ගයිඩ් ලයින් දෙකක් දමා ගන්න.
ඉන් පසු ඉලිප්ටිකල් මාර්කී ටූලය Elliptical Marquee Tool තෝරා ගෙන ඉන් මේ කැන්වසය පිරෙන්නට වෘත්තයක් ඇඳ ගන්න. ශිෆ්ට් යතුර ඔබාගෙන ම ඇඳීමෙන් එය කළ හැකි ය.
ඇඳුනේ කුඩාවට නම් සිලෙක්ෂන් ටූලයේ සිටිමින් ම රවුම මැදට රයිට් ක්ලික් කරන්න. මතුවන මෙනුවෙන් Transform Selection ඇක්ටිව් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට රවුම සකසා ගන්න.







ලේයර් පැලටයේ යට ම ඇති කඩදාසියක් නැවුවා වැනි ක්‍රියේට් නිව් ලේයර් Create New Layer අයිකනයට ක්ලික් කොට, අලූත් ලේයරයක් සාදා ගන්න.
කැන්වසයේ හරි මැද ට බ්‍රෂ් තුඩ තබා ශිෆ්ට් යතුර ඔබාගෙන ම ක්ලික් කොට ඩ්‍රෑග් කරන්න. එවිට ක්‍රමයෙන් කෙළවර සිහින් වන රේඛාවක් ඇඳේ.
මේ ආකාරයට හතර පැත්තට ම රේඛා ඇඳ ගන්න.


රේඛා සහිත ලේයරය ක්‍රියේට් නිව් ලේයර අයිකනය මතට ඩ්‍රෑග් කිරීමෙන් හෝ Ctrl + J විධානය දීමෙන්, නව පිටපතක් සාදා ගන්න. ඉන්පසු ෆ්‍රී ට්‍රාන්ස්ෆෝර්ම් Ctrl + T විධානය මගින් ඒ දෙවන රූපය තරමක් කුඩා කොට, ඔප්ෂන් බාරයේ ඇති ඈන්ගල් Angle කොටුව මත 45 ටයිප් කරන්න. සැනෙකින් රූපය අංශක 45 කට කරකැවේ.

දැන් මේ රේඛා සහිත ලේයර දෙක ම ලින්ක් කොට මර්ජ් Merge කර ගන්න. එය කරන්නට නම් පළමුව Ctrl යතුර ඔබාගෙන ම පැලටය මත එම ලේයර් දෙකට ක්ලික් කරන්න. ඊට පසු ලේයර පැලටයේ දකුණු උඩ දාරයේ ඇති සයිඩ් ඇරෝවට ක්ලික් කළ විට මතුවන මෙනුවෙන් මර්ජ් ලින්ක් Merge Link නැතිනම් (Ctrl + E) විධානය දෙන්න.
සැනෙකින් ලේයර දෙක ම එකක් බවට පත් වෙයි. දැන් මේ කතිර රූපය පමණක් සිලෙක්ට් කර ගත යුතු ය. කන්ට්‍රෝල් යතුර ඔබාගෙන ම, ලේයර් තම්නේලයට ක්ලික් කළ සැණින් එම රූපය සිලෙක්ට් වෙයි.


මේ රූපය සිලෙක්ට් කළ පසු එය දේදුනු වර්ණයෙන් වර්ණ ගන්වා ගත යුතු ය. එය ඉතා පහසුවෙන් ග්‍රේඩියන්ට් ටූලයෙන් Gradient Tool ඉටු කර ගන්නට හැකි ය. දැන් ග්‍රේඩියන්ට් ටූලය ඇක්ටිව් කොට, ඔප්ෂන් බාරයේ ග්‍රේඩියන්ට් පැලටයෙන් වර්ණ විශාල සංඛ්‍යාවක් ඇති ස්පෙක්ට්‍රම් Spectrum විකල්පය තෝරාගෙන ඊට ඩබල් ක්ලික් කරන්න.
එවිට ග්‍රේඩියන්ට් එඩිටර් Gradient Editor සංවාද කොටුව මතු වෙයි. එහි ස්ලයිඩරය මගින් වර්ණ අවශ්‍ය පරිදි සකසා ගන්න. ආරම්භය වඩා සුදු ලෙස සකසන්න.


දැන් ඔප්ෂන් බාරයේ ඇති 2 වැනි රේඩියල් ග්‍රේඩියන්ට් ටැබ් එකට ක්ලික් කොට සිලෙක්ට් වී ඇති රූපයේ හරි මැද සිට කෙළවරට ග්‍රේඩියන්ට් එක යොදන්න.
දැන් Ctrl + D විධානය මගින් සිලෙක්ෂන් එක ද අහෝසි කරන්න. ඊට පසු ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි ගෂන් බ්ලර් විධානය Filter > Blur > Gaussian Blur මගින්, මේ කතිරය තරමක් බ්ලර් කරන්න. ඉන්පසු ගයිඩ් ලයින් මූව් ටූලය මගින් නැවත රූලරය දෙසට ඇදගෙන ගොස් අත හැරීමෙන් ඉවත් කර ගන්න. ඉන් පසු මේ වර්ණ ගැන්වූ කතිරය, යට ඇති කළු රවුම සමග මර්ජ් ලින්ක් කර ගන්න.

දැන් ෆිල්ටර් මෙනුවේ රෙන්ඩර් හි ලෙන්ස් ෆ්ලෙයාර් ෆිල්ටරය Filter > Render > Lens Flair තෝරන්න.





මතුවන සංවාද කොටුවෙන් රූපයේ පෙනෙන ආකාරයට අදාල දත්ත සකසන්න. දිදුලන ස්ථානය මවුස් පොයින්ටරයෙන් ක්ලික් කරන තැන නවතින නිසා නිවැරදි ම ස්ථානය තෝරා ගන්න. එය කතිරයේ හරි මැද නොවිය යුතු යි.

10 රූපය. දැන් අප අවසාන අදියරට පැමිණ සිටින්නෙමු. ලෙන්ස් ෆ්ලෙයාර් ෆිල්ටරය යෙදූ රූපය සහිත ලේයරයේ මෝඩ් එක ස්ක්‍රීන් Screen ලෙස වෙනස් කරන්න. කිසි ම වෙනසක් ඔබට නො පෙනෙයි.

දැන් මෙසේ සාදා අවසන් කර ගත් මේ ගැජට්ටුව, පහසුවෙන් සොයා ගත හැකි, අමතක නොවන තැනක Star Filter නමින් ම, ටිෆ් ගොනුවක් Tiff File ලෙස සේව් කර ගන්න. එහි කලර් මෝඩ් Colour Mode එක RGB ලෙසින් තිබිය යුතු ය. CMYK විය යුතු නම් එය අවසානයේ දී කළ යුතු ය.


දැන් මෙසේ සාදා අවසන් කර ගත් මේ ගැජට්ටුව, පහසුවෙන් සොයා ගත හැකි, අමතක නොවන තැනක Star Filter නමින් ම, ටිෆ් ගොනුවක් Tiff File ලෙස සේව් කර ගන්න. එහි කලර් මෝඩ් Colour Mode එක RGB ලෙසින් තිබිය යුතු ය. CMYK විය යුතු නම් එය අවසානයේ දී කළ යුතු ය.


ඊට පසු මේ ස්ටාර් ෆිල්ටරය ඔබ කැමැති අදාල වන රූපයක් මතට ඩ්‍රෑග් කොට බලන්න. කොපි පේස්ට් කිරීමෙන් එය නිවැරදි ව ක්‍රියාත්මක නොවේ. එහි මෝඩ් එක ස්ක්‍රීන් නිසා කළු පැහැය නොපෙනෙයි. නමුත් අනෙකුත් වර්ණ සියල්ල ම පෙනෙයි.


that's a good Post :)
ReplyDeleteමම අදමයි මේ බ්ලොග් එක දැක්කේ. රචියා මූණු පොතේ ලින්ක් එක දාලා තිබ්බා.
ReplyDeleteපොටෝෂොප් පාඩම් ටික හරියට වටිනවා සර් :)
පැය 4ක් 5ක් විතර ගත කරලා ලියපු මේ පෝස්ට් එකට අඩු තරමින් දෙන්නෙක්වත් කොමෙන්ට් කරපු එක ගැන ගොඩක් සන්තෝෂයි..බොහෝ ම ස්තූතියි ඔබලා දෙන්නාට...!!
ReplyDeleteThank you sir...me karana sewayata.
ReplyDeleteදිගටම ලියන්න......
ReplyDeleteඅපි බලනවා.....
sha niyamai meka harima watinawa.
ReplyDeleteනැවතත් පටං ගැනීම ගැන සංතෝෂයි...
ReplyDeleteමම පෝස්ට් එක කියෙවුවේ නෑ දැන්.. ඒත් අවශ්‍යතාවක් ආපු ගමන් මම මුලිං එන්නේ මේ පැත්තට.. මම මේ බ්ලොග් එකෙන් ගොඩක් වැඩ අරං තියෙනවා.. ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා..
ස්තූතියි නැවතත්...!!
Pin sidhdha wechchaawe.
ReplyDelete-AM.
Great wrk...Plz dnt stop...
ReplyDeleteniyami sir, bohoma watinawa
ReplyDeletegreat work!
ReplyDeleteNiyamai sir, meka nawaththannepa... api innawane..
ReplyDeleteතමන් ගොඩක් මහන්සි වෙලා අමාරුවෙන් ලියපු ලිපියට ප්‍රතිචාර නැති උනාම කලකිරෙනව තමයි.ඒත් සර් මේ බ්ලොග් එක ලියන්න දිගටම.නවත්තන්න එපා.
ReplyDeleteසින්ඩියකට එකතු උනා නම් මීට වඩ ප්‍රතිචාර ලැබේවි කියල හිතෙනවා..
ඉතාමත්ම ස්තූතියි වටිනා දැනුම බෙදාගත්තාට..
මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුනා සර්...
ReplyDeletebohoma sthuthiyi sir !
ReplyDeletegood job. hope our readers will put into use...
ReplyDeletegodak watinawa sir
ReplyDeleteබොහෝම ස්තුතියි
ReplyDeleteඅපි ඉතිං මොනවා හරි දෙයක් ඉගෙන ගන්නෙ ඹබ වැනි කෙනෙකුගෙන් තමා...මෙවැනි දේ තව තවත් කරන්න ෂක්තිය ලැබේවා....
ReplyDeleteGreat.............!!!
ReplyDelete