ෆොටෝ එක යටින් දමන කොමෙන්ටුවෙන් ගොඩක් දේ කියන්න බැරි, ඒ පින්තූරය ගැන මට පෙනුනු ආකාරය පෙන්වන්නට නොහැකි නිසයි..ඒ නිසා ඔන්න අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා. ඈයි ඉතිං වෙන වැඩකුත් නැහැනෙ...!!!
කොහොමින් හරි මේ මා දකින හැටි කියන්නට අපේ අචිනි පබසරා රණසිංහගේ ම පින්තූරයක් තෝරා ගන්නට ලැබීමත් මට එක්තරා සන්තෝසයක්..ඒ මූණු පොත හරහා, ඒ ගොල්ලන්නේ කණ්ඩායමෙන් ඉස්සෙල්ල ම මම හඳුනා ගත්තේ ඇ නිසා..
මේ තියෙන්නේ අචිනි ගත් පින්තූරය.

පළමුවෙන් ම මම කළේ එහි වටා දමා තිබෙන රාමුව ගලවා වීසි කිරීමයි. ඉතා ම කලාතුරකින් පින්තූරයකට රාමුවක් දැම්මා ම ඒ පින්තූරය තිබෙනවාට වඩා හොඳින් ග්‍රහණය කර ගන්නට අපට පුලුවන් වූණත්, බොහෝ ඡායාරූපවලට රාමුවක් යෙදීමෙන් එය අතිශය සීමාන්තික වෙනවා කියලයි මට හිතෙන්නෙ.
මේ ඡායාරූපයේ ආලෝකකරණය ඉතාම හොඳයි. නමුත් පාවිච්චි කළ තනි ආලෝක කදම්බය තව ටිකක් පහත් වෙලා පැති ආලෝකයක් උනානම් හොඳයි කියල මට හිතුණ. අවාසනාවකට මට ඒක හදල පෙන්වන්න බැහැ තාක්ෂණික ප්‍රශ්ණ නිසා. ඒ වගේ ම මට හිතුණ මේ කාන්තාවගේ කළවා යුගලයට පතිත වුණු ආලෝකය වැඩියි කියල. බැලුවම ඉස්සෙල්ල ම පෙනෙන්නේ එතැන. දෙකළවා අතර වැතිර තිබෙන රෙදි කඩ තරමක් පහළට එබුවානම්, එතැන සෑදෙන සෙවනැල්ලෙන් ඒ දැඩි ආලෝකවත් බව අඩු කර ගන්න පුලුවන්. මේ තියෙන්නෙ මේ පින්තූරය ම මම ගත්තනම් අවසන් කොට දක්වන විධියයි.


මහතාණෙනි..ඔබේ අලුත් බොලොග්ගුවට මගේ සුභ පැතුම් එක්කරන අතරම නවකයන්ට තව තවත් අත්වැලක් වෙන්නට ඔබට ශක්තිය හා දිරිය පතමි!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියම වැඩක්!! photography ඉගනගන්න අයට හුගක් වටිනව!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහුඟක් දේවල් අපිට ඉගෙනගන්න පුලුවන්...
ReplyDeleteme pinthure inne Pirimi kenek kiyala mata hithenne ai? ai mata a pinthure Kethata penne...
ReplyDeleteලස්සනයි. ඒත් මෙයාගෙ කොන්ඩය ගැන වරදක් පේනව වගෙයි නේද?
ReplyDeleteකොන්ඩෙ කඩාන ඉන්න එකේ තේරැමක් තියෙනවද?
කෙටි කාල පරාසය තුළ ගොඩ දෙනෙක් බැලූ වග දැනුනාම හරි සතුටක් දැනුනා..!!
ReplyDeletemeeeka hondawedak....karapu wenaskam a pinthurayata loku sadaranayak kala kiyala man hithanawa.
ReplyDeletesir me wade hodai digatama karagena yanna magen subapatum habai mama parakku wela tamai blog eka baluwe
ReplyDelete