Advertising Photography කියන ගොන්නටයි. නැතිනම්
Still life කියන ගොන්නටත් දාන්න පුලුවනි. නමුත් එය නිවැරදි ව නැතිනම් එය
වන්නට ද පුලුවන.
ප්‍රචාරණ ඡායාරුපකරණයේ දී අප ගනු ලබන ද්‍රව්‍යය හෝ සිද්ධිය අතිශ්යෝක්තිමත් වීම මත ඊට වැඩි වටිනා කමක් එකතු වෙයි. මන් ද එය ඍජුව ම
අලෙවි කරණය Marketing හා සම්බන්ධ වීම නිසයි. අලෙවි කළ හැක්කේ අතිශයින් සුන්දර, පුෂ්ටිමත්, කඩතොලුවලින් තොර, අලුත් ම අලුත් ද්‍රව්‍ය පමණයි නෙ...(අපි එහෙම හිතමු..!!) ඒ නිසා මේ ඡායාරූප සඳහා ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී, විශේෂයෙන් පළතුරු, එළවලු සහ මස් මාංශ වැනි ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී කිසිදු හානියකින් තොර, කඩතොලු නැති, අලුත් ම අලුත් පෙනුමක් ඈති ද්‍රව්‍ය තෝරා ගැනීම අතිශය වැදගත් වෙයි.
නමුත් මේ අමන්දා ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ නරක ම ද්‍රව්‍ය කිහිපයකුයි. ඒත් අපට ෆොටෝෂොප් මෘදුකාංගය බුහුටි ව හසුරුවන්නට හැකි නම්, මේ තැලුණු පරවුණු ද්‍රව්‍ය පවා මේ දැන් නෙලා ගත්තා වැනි ව සකසා ගන්නට පුලුවන් වෙයි.
පළමුවෙන් ම ඡායාරූපය ගැනීමේ දී නිවැරදි ව ආලෝකය හසුරුවාගෙන, වස්තු සම්පිණ්ඩනය නිවැරදි ව සකසා ගෙන, ඡායාරූපය ගත යුතුයි. එසේ ලබා ගත් ප්‍රතිරූපය හෙවත් ඉමේජය පරිගණක තිරය මතට ගෙන එහි අඩු පාඩු සකසන්නට පටන් ගත යුතු යි. මේ කඩතොල සහ කුණු පැල්ලම් මකා ගැනීම සඳහා ෆොටෝෂොප් හි මෙවලම් හෙවත් ටූල්ස් කිහිපයක් ම අප වෙනුවෙන් සැදී පැහැදී සිටී. ක්ලෝනින් ස්ටෑම්ප් Cloning Stamp ටූලය, පැච් Patch ටූලය සහ හීලින් බ්‍රෂ් Heeling Brush ටූලය ඉන් ප්‍රධාන වෙයි.
ක්ලෝනින් ස්ටෑම්ප් ටූලය
ක්ලෝනින් ස්ටෑම්ප් ටූලයෙන් කෙරෙන්නේ එක් තැනෙක ඈති රූප පදාසයක් ඒ හා සමානව ම තවත් තැනෙක ආලේප කිරීමයි. අදාල ටූලය සක්‍රිය කරගෙන, විවෘත ව ඈති කැන්වසය මතට "රයිට් ක්ලික්" කළ විට බ්‍රෂ් පැලටය විවෘත වෙයි. ඉන් පින්සල් තුඩේ වට දාරය සුමට ව, විහිදුනු ආකාරයක් තෝරා ගන්න.

ඉන් පසු ආලේපනය පටන් ගත යුතු ය. පළමුවෙන් ම ඉමේජයේ ඈති කිසිදු අතුරු අන්තරාවකට භාජනය නොවුනු ස්ථානයක් තෝරා ගෙන, ඕලටර් Alt යතුර ඔබාගෙන එතැනට ක්ලික් කළ යුතු ය. මේ ටූලයේ සිටිමින් ඕල්ටර් යතුර එබූ විට ටූලයේ හැඩය "ටාගට්" ආකාරයට වෙනස් වෙනු ඔබට පෙනේ වි.

එවිට එතැන ඈති රූප කොටස අපට නොපෙනී පිටපත් වෙයි. දැන් කළ යුත්තේ ආලේප විය යුතු හෙවත් රෙපයාර් කළ යුතු ස්ථානය මතට ක්ලික් කිරීමයි. එසැණින් ඔබ තෝරාගත් රූප පදාසය දෙවන ස්ථානයේ ආලේප වෙයි. හැම විට ම මේ තෝරා ගත් කොටස ම ආලේප විය යුතුනම්, ඔප්ෂන් බාරයේ ඈති අලයින්ඩ් Aligned නම් කොටස අන් චෙක් කර තැබිය යුතු යි. නැතිනම් මේ ක්ලෝන් ස්ටෑම්ප් ටූලයෙන් ආලේප වන්නේ සමාන්තර ව ය.
හීලින් බ්‍රෂ් ටූලය
හීලින් බ්‍රෂ් ටූලය ක්‍රියාත්මක වන්නේ ද, ඕල්ටර් යතුර සමග ය. නමුත් මේ ටූලයෙන් ආලේප වන්නේ මතුපිට වයනය හෙවත් ටෙක්ස්චරය Texture පමණි. ආලේප වන තැන ළා පාට නම් පදාසය ළා පාටට ද, අඳුරු පැහැ නම් ඊට සමානුරූපව ද මේ මතුපිට වයනය ආලේප වෙයි. මේ ටූලයෙන් වැඩ අරඹන්නට පළමු ව, ඔප්ෂන් බාරයේ මුලින් ම ඈති, බ්‍රෂ් සළකුණ ළඟ ඩවුන් ඈරෝවට කලික් කිරීමෙන් බ්‍රෂ් පැලටය විවෘත කොට ගෙන, එහි ඈති ස්ලයිඩර සීරු මාරු කිරීමෙන් පින්සලේ තුඩේ හැඩය හෙවත් බ්‍රෂ් ටිප් ෂේප් Brush Tip Shape එක සකසා ගත යුතු ය. එහි හාඩ්නස් Hardness යන්න මතක ඈති ව අවම ප්‍රමාණයට සකසා ගත යුතු ය. පින්සලේ තුඩේ වට ප්‍රමාණය ලොකු වරහන් යතුරු මගින් සකසා ගන්නට පුලුවන.
පැච් ටූලය
පැච් ටූලයෙන් කෙරෙන්නේ, ඔබ සිලෙක්ට් කරන ස්ථානය මතට වෙනත් තැනෙක වයනය ආදේශ කිරීමයි.

පැච් ටූලයෙන් සැකසිය යුතු තැන වටා අඳින්න. එවිට එය නලියන කඩ ඉරකින් යුත් සිලෙක්ෂන් එකක් බවට පත් වෙයි. දැන් ඒ ටූලයෙන් ම එහි මැදට ක්ලික් කර ගෙන වෙනත් තැනෙකට ඒ සිලෙක්ෂන් එක තල්ලු කර ගෙන යා හැකි ය. එසේ යන විට, ඔබ මුලින් සිලෙක්ට් කළ තැනට දෙවන ස්ථානයේ මතු පිට ස්වරූපය ආදේශ වනු පෙනෙයි.එය නිවැරදි නම් කළ යුත්තේ තල්ලුව නතර කිරීමයි. සැනෙකින් කඩතොල්ල සකස් වෙයි.

මේ ටූල්ස් තුනෙන් කැමැති එක තෝරා ගෙන පළමුවෙන් ම ඔබේ පළතුර රෙපයාර් කර ගත යුතු ය.

වතුර ඉසින්නට කලින් අප වතුර බිංදුවක් සාදා ගත යුතු වෙයි.
පළමුවෙන් ම රෙසොලූෂන් 200ක් වන අඟලයි අඟලේ පමණ වන කැන්වසයක් සාදා ගන්න. ඉන් පසු ලේයර් පැලට්ටුවේ යට දාරයේ ඈති කඩදාසියක් නැව්වා වැනි Create New Layer අයිකනයට ක්ලික් කර, අලුත් හිස් ලේයරයක් සාදා ගන්න.

කලර් පිකරය Colour picker ඈර (ටූල් පෙට්ටියේ යට හරියේ ඈති කලර් පැලටයට ක්ලික් කිරීමෙන්) රූපයේ පෙනෙන ආකාරයේ අලු පාටක් තෝරා ගන්න.

දැන් පින්සපලන් කැන්වසය මත වර්ණ පදාසයක් ආල්ප කරන්න.

ඊට පසු ඇත්තේ වැදගත් ම කාර්යයයි. ලේයර් පැලටයේ යට දාරයේ එෆ් අකුර වැනි අයිකනයට ක්ලික් කර ලේයර් ස්ටයිල් Layer Styles මෙනුව ඈර ගෙන, පළමුවෙන් ම ඩ්‍රොප් ෂැඩෝ Drop Shadowවක් දෙන්න.

මේ රූපයේ පෙනෙන සැකසුම් ඒ ආකාරයෙන් ම දීමෙන් ඔබට කාර්යය වඩාත් පහසු වනු ඈති. වෙනසක් ඈතොත් පසුව යළි ඒ සියලු සැකසුම් යළි සකස් කර ගත හැකි බැවිනි.

ඊට පසු මීට ම ඉනර් ෂැඩෝ Inner Shadowවක් දිය යුතු වෙයි. ඒ සඳහා ද රූපයේ දත්ත අනුගමනය කරන්න.

ඊටත් පසු බෙවෙල් එම්බෝස් Bevel & Emboss එකක් ද දිය යුතු වෙයි.

මේ සියල්ල අවසන් වූ පසු ලේයර් පැලටයේ වම් උඩ කෙළවරේ ඈති මෝඩ්ස් Modes මගින් එහි මෝඩ් එක ස්ක්‍රීන් Screen ලෙස තෝරා දිය යුතු ය. එවිට අළුපාටින් පෙනුනු වර්ණ පදාසය සුදු පාට වෙයි.

ස්ටයිල් පැලටය ඇර, එහි දකුණු කෙළවරේ ඇති ඩවුන් ඇරෝවට ක්ලික් කරන්න. මතු වන මෙනුවෙන් නිව් ස්ටයිල් New Style විධානය දෙන්න. එවිට සංවාද කොටුවක් මතු වී නමක් අසයි. එය දුන් පසු, ඔබ වැර වෑයමින් සාදා ගත් ස්ටයිල් ගොන්න බොත්තමක් බවට පත් ව එහි තැන්පත් වෙයි.

දැන් ඔබ රෙපයාර් කර ගත් ඉමේජය මත අලුත් හිස් ලේයරයක් සාදා ගන්න. ඒ ලේයරය සක්‍රිය ව තිබියදී, ඔබ සාදා ගත් සටයිල් එකට ක්ලික් කරන්න. එවිට ඒ ලේයරය මත අදාල සැකසුම් සියල්ල ක්‍රියාත්මක වෙයි. දැන් වට දාරයේ හාඩ්නස් වැඩි පින්සලක් තෝරා ගෙන, කලින් සාදා ගත් අලු පාටින් ම මේ ලේයරය මත තිත් තබන්න. ඒවා වතුර බිංදු ලෙසින් ම ඔබට දර්ශනය විය යුතු වෙයි.

එසේ නොවන්නේ නම්, ලේයර් ස්ටයිල් නාමාවලිය මත ඩබල් ක්ලික් කරන්න. මතුවන සංවාද කොටුවෙන් අදාල ස්ටයිල් එක තෝරාගෙන ඒවායේ ස්ලයිඩර් සීරු මාරු කොට බලන්න.
ඒ ස්ලයිඩර් Slider සහ ඔප්ෂන් බොක්ස් Option box තනා එවන්නේ ඔබට වෙනස් කර බලන්නට ම ය...!!
Thanks a lot... great post..!! As nice as teh previous one.
ReplyDeleteෆොටෝෂොප්වල ටූල්ස් ඔක්කොම හොඳට දන්නවා. ලෙයර් ස්ටයිල් ගැනත් දන්නවා. ලෙයර් මෝඩ් ගැනත් ඔක්කොම දන්නවා. දැන ගන්න ඕනේ දේවල් සියල්ල දන්නවා.
ReplyDeleteඒත් ඒ දන්න දේවල් එකතු කරලා මේ වගේ නිර්මාණාත්මක වැඩක් ගන්න තේරෙන්නේ නෑනේ. ඒ නිසා මේ ගැන කියලා දුන්නාට ඔබට බොහෝම පිං.
ෂා...... මම ත් කරල බැලුවා
ReplyDeleteහැබැයි මම හදා ගත්ත එක වතුර වගෙ ලස්සනට නම් ආවේ නැති නිසාමගේ වැඩේ ටිකක් කැත උනා
එත් දැන් ක්‍රමය දන්න නිසා දැන් ඉතින් ලෙසි වෙවී....
බොහොම ස්තුතී මෙවැනි දේ කියලා දෙනවට :)
aiyooo! meka waradunaane :(
ReplyDeleteමුචලින්ද සහ අහිංසකී,..ඉස්සෙල්ල තියෙන දත්තවලින් සෙට් කරන්න. ඊට පස්සෙ ස්ටයිල්ස් වෙන වෙන ම අරගෙන පොඩි පොඩි වෙනස්කම් කරල බලන්න. නියමෙට හරි යනවා..!!
ReplyDeleteමෙන්න... ෆොටෝෂොප්වල අපි නොදන්න වටිනාම දේවල්... සර් මේ කරන වැඩේට අරවින්ද කිව්වා වගේම බොහෝම පිං... බොහොම ස්තූතියි.......
ReplyDeleteඔබ තුමාගෙ මේ බ්ලොග් එක දැක්කෙ අද..
ReplyDeleteමේ වැඩේටනම් ගොඩක් පිං
දිගටම ලියන්න.
මම ඔබ තුමගේ පොත් කියවල ගොඩක් දේ ඉගෙනගෙන තියනවා.එක් වතාවක් දුරකතනයෙන් කතා කරලත් යම් ගැටලුවක් විසඳගත්තා..මේ බ්ලොග් එකෙන් දෙන දැනුමත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
බොහොම ස්තූතියි සර් !! නිමාඩු වෙලාවක එචි.ඩි.ආර් ෆොටෝස් ගැනත් ලියන්න...
ReplyDeleteනියමයි.....තවත් ඕන..
ReplyDeleteෙත්නුවර සර්
ReplyDeleteහරියටම අද අත්හදා බැලුෙවමි
ස්තූතිය ඔබට දහස් වරක්