මිලින්ද වීරසේකර කියන්නෙ අපට ඉන්න තවත් දක්ෂ නිර්මාණ ශිල්පියෙක්.. නිරන්තරයෙන් සතත අභ්‍යාසයේ යෙදෙන්නෙක්. ඒ නිසා ම කාගේත් දැන ගැනීම සඳහා මිලින්දගේ මේ ඡායාරූප කිහිපයේ අඩුපාඩු පොදුවේ කතා කරන එක හොඳයි කියල හිතුණ.
01. ගල්කිස්ස වෙරළ තීරයේ සිටින මේ පුද්ගලයාගේ ඡායාරූපය දෙස බලන්න.

ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් (නීති නෙමෙයි..අවශ්‍ය තැනෙකදී අත්‍යාවශ්‍ය වේ නම් පමණක් මේ රීතීන් වෙනස් කළ හැකියි.) අතර තියෙන එක් වැදගත් වගන්තියක් තමයි, එකිනෙක පරයා නැගෙන Merge අරමුණුවලින් තොර විය යුතු ය කියන එක. මේ මිනිසා පිටුපසින් තිබෙන බඩු මල්ල සහිත කොටස අපට පෙනෙන්නෙ තවත් කෙනෙක් සිටින ආකාරයටයි. එය වඩාත් හොඳින් අප ඈස ගැටෙන්නේ මෙහි තම්නේල් පින්තූරය දුටු විටයි. ඒ බඩු පොදියත් තවත් අරමුණක් සේ දැඩි ව නැගී සිටින නිසායවන්, මේ ප්‍රධාන සංසිද්ධිය යටපත් වී යයි.
ෆොටෝෂොප් වැනි ප්රතිරූප සංස්කරණ මෘදුකාංගයක පිහිටෙන් ඒ බාධාව ඉතා පහසුවෙන් ඉවත් කර ගත හැකියි. එසේ කරන්නට නිර්මාණ ශිල්පියාට පූර්ණ අයිතියක් ද තිබේ..එසේ කළ විට මේ ඡායාරූපය ම පෙනෙන සැටි බලන්න.

02. ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේ ම සිට, මුහුද දෙස බලා සිටින මේ කාන්තාව සහිත ඡායාරූපය ද අපට ලොකු කතන්දරයක් කියා පායි. නමුත් මේ ඡායාරූපයේ බැලුම් බෝල ගොන්නට යටින් පෙනෙන සුදු කමීසයක් ඈඳ සිටින පුද්ගල රූපය නිසා, මුලු ඡායාරූපයේ ම ඒකාත්මිතිය බිඳී යයි. එය ද පහසුවෙන් ඉවත් කර ගත හැකි ව තිබිණි.


03. ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් අතර තවත් වැදගත් වගන්තියකි, ඡායාරූපය අතිශය සංකීර්ණ Complicated නොවිය යුතු ය යන්න. මේ ඡායාරූපය ඊට හොඳ ම නිදසුනකි. එහි ඈති වස්තූන් බහුල බව නිසා ම අපට කිසිවක් දෙස එක එල්ලේ ඈස් යොමු කළ නොහැකි බවක් දැනේ. එනිසා ම කිසිවක් අපට පැහැදිළි ව නොපෙනේ.

මේ ඡායාරූපය ම, මා විසින් ගත්තේනම් මම ඊට හසු කර ගන්නේ මේ කොටස පමණි.!!!


මිලින්ද වීරසේකරගේ ඡායාරූප.
සිරා! හැබැයි අර එඩිට් කරපු ටික ඔබතුමාට තව ටිකක් වෙලා අරගෙන කලානම් නියමෙටම හදන්න තිබුනා! ජය!
ReplyDeleteඅතිශය වෑදගත් අදහස් කිපයක්.... මුවලින්ද කියන එකත් සාධරණයි
ReplyDeleteබොහොම ස්තූතියී ඉන්ද්‍රනාත සර්. මගේ වැරැද්ද පෙන්නල ඒක නිවැරදි කරල පෙන්නල දීමට ඔබට පින්..
ReplyDeleteමේ පින්තූර වල පොටෝෂොප් එඩිෂන් එක හරිම පැහැදිළිව යමක් කරලා බව පේනවා..නාග දරණ කිව්වා වගේ වෙලා අරගෙන කරන්න....තව දෙයක්....සීයාගෙ පින්තූරෙ back ground blur කළා නම් ලස්සනයි.
ReplyDeleteඇත්තටම මමත් යම් යම් දෙවල් ඉගෙන් ගත්තා ....... නීනු කියන්න වගේ සීයගෙ එක තව වෙලා අරන් කලානම් නියමයි .කොහොම උනත් මෙම ඡායාරූප ශිල්පියගෙ නිර්මාණ මම නිරන්තරයෙන්ම රස විඳින බව කිව යුතුය .
ReplyDeleteළමයිනේ.. මම කලේ උදාහරණයක් ලෙස අරගෙන, ඒක කරන්න පුලුවන් බව පෙන්වන එක විතරයි..!!
ReplyDeleteවටිනාකම කියලා නිම කරන්න බෑ
ReplyDeleteඅර සුදු කමීසෙ ඇදන් හිටි කෙනා ඉවත් කරපු විදිය ඇත්තටම අපූරුයි සර් .... මමත් මේ ශිල්පියාගෙ නිර්මානවලට ඇලුම් කරන කෙනෙක්
ReplyDeleteකමෙන්ට් දාන්න තේරෙන්නේ නැහැ, හැබැයි දෙවනි පිංතූරේ ඉන්න කාන්තාවගේ වම් අතේ වැලමිට හරියෙන් බැළුවාම නිකං උඩුකය ඡායාරෑපයක් පේනවා දැක්කා.....
ReplyDeleteඅගෙයි සර් කාටත් තේරෙන සරල ගතියයි...
ReplyDelete