Thursday, August 19, 2010

ඩිජිටල් ක්‍රියේෂන් ගැන....01

මේ සටහන එවූයේ ​මොරටුව විශ්ව විද්‍යාලයේ නිර්මාණ සැලසුම් අංශයේ ජ්‍යෙෂ්ට කථිකාචාර්ය, වරලත් වාස්තු විද්‍යාඥ, ප්‍රවීන ඡායාරූප ශිල්පි, දේශක සහ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ අධ්‍යාපන අධ්‍යක්ෂ සිතුමිණ රත්නමලල මහතා ය.

පසුගිය අගෝස්තු මස පවත්වන්නට යෙදුණු, එප්සන් ඩීබග් Epson Debug සමාගම විසින් සංවිධානය කළ All Island ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනයට සිය නිර්මාණ එවා, ත්‍යාග නොලැබීම ගැන උරණ ව කීර්තිරත්න කාර්යවසම් ගම්හේවා මහතා විසින් මවෙත ඊමේල් මගින් එවන ලද අවලාදවලට පිළිතුරු දෙනවාට වඩා, මේ ඩිජිටල් නිර්මාණ Digital Creation විෂයය ගැන සංවාදයක් ඈරඹීමේ අරමුණ ඈති ව මේ සටහන උපුටාගෙන මෙහි තබමි.

ඩිජිටල් නිර්මාණ යනු කුමක්දැයි මගේ මතය ද සහිත විවරණයක් පසුව මෙහි පළ කරන්නෙමි.

මෙහි KKG නමින් සඳහන් කර ඈත්තේ කීර්තිරත්න කාර්යවසම් ගම්හේවාමහතා ය.

ඉන්ද්රනාථ සහ KKG විසින් ඇතිකළ මේ සංවාදය ඉතා හොඳ එකක් ලෙස දකිනවා....මෙය පුළුල්ව සහ කල් ගෙන පියවරින් පියවර පැහැදිළි කළ යුතු කරුණක් වුවත් කාරණයේ වැදගත් කම නිසා කෙටි සටහනකින් හෝ පැහැදිළි කිරීමක් කළ යුතු යැයි සිතුණා.....වාක්යයෙන් වාක්යය ටයිප්... කරමින් මෙවන් සංවාදයක යෙදීම ඉතා අපහසුයි...මේ ගැන උනන්දු වන්නන් සැමට තැනක එක්වී කතා කළ හැකිනම් එය ඉතා අගෙයි

පළමුවෙන්ම කිව යුත්තේ Digital Creations යන්න එහි තාක්ෂණික පසුබිම මත හදාගත් සරල පොදු වචනයක් විනා එහි නිර්මණාත්මක වටිනාකම් අගය කිරීමෙහිදී යොදාගත හැක්කක් නොවන බවයි..එනම් කලාත්මක මානයකින් බලන කල එය නිකංම නිකං යම් චිත්රයක් ගැන "ඔයිල් ඔන් කැන්වස්" කියන්නාක් වැනි යෙදුමක් පමණයි...චිත්රයේ කලාත්මක මානනයන් සිදු කරනු ලබන්නේ එය ඔයිල් ඔන් කැන්වස් නැතහොත් දිය සායම්ද, පැස්ටල් කියා සැලකීමෙන් නොවේ...එය කුමන කලා සම්ප්රදායයක් යටතේ කුමන ආකාරයේ ප්රකාශණයක් සිදු කරන්නේද යන්න සළකා බැලීමෙනුයි...

ඡායාරූපය Digital වීම සිදු වන්නේ ලෝකය නූතන වාදය හා බැඳුණු යථාර්තවාදී රීතීන් කලාත්මක මානයන් ඔස්සේ ප්රශ්ණ කරන යුගයකයි.. වනවිට ඡායාරූපය උපරිම වශයෙන් සමාජ සත්තා යථාර්තවාදය කලාත්මක වශයෙන් හසු කරගෙන තිබුණා....යූශුෆ් කාශ්, ඇන්සල් ඇඩම් වැන්නවුන් යුගයේ ප්රබල නියෝජනයන්....

කෙසේ හෝ 1960 ගණන් වලින් පසු ඡායාරූප ශිල්පියා අතට පැමිණි ඩිජිටල් පහසුකම කලාත්මක වශයෙන් නූතන වාදයෙන් බැහැර නව කලා මානයන් සොයා යන්නට ඔහුට නව මාවතක් විවර කළා..වෙනත් කලා මාධ්යයන් [චිත්රය, සාහිත්යය, ගෘහ නිර්මාණය ආදී....] විවිධ ක්රම වේදයන් ඔස්සේ නූතන වාදී යථාර්තවාදයෙන් ඝලවෙන්නට උත්සාහ කරද්දී ඡායාරූප ශිල්පයේ උත්සාහයට ඩිජිටල් තාක්ශණයෙන්ද සෑහෙන උදව්වක් ලැබුණා...

මෙහිදී දෘශ් කලාවේ පැවති විවිධ පැරණි පැතිකඩයන් යොදා ගනිමින් නව නැඹුරුවක් සිය ශිල්පයට ලබාගන්නට ඡායාරූප ශිල්පීන් උත්සාහ කළා... Digital Surrealism, Digital Impressionism ආදිය ඊට හොඳ උදාහරණ...මේ එක් එක් කලාත්මක පැති කඩ වලට ඒවාටම ආවේණික සියුම් ගති ලක්ශණයන් පවතිනවා...
ලෝක ඡායාරූපය මේ විවිධ නැඹුරුතාවයන්ගේ සියුම් කලාත්මක ලක්ෂණ වර්ධනය කරමිනුයි ඉදිරියට යන්නේ....

නමුත් කණගාටුවට කරුණ නම් ශ්රී ලාංකීය ඩිජිටල් ඡායාරූප නිර්මාපකයා පමණක් නොව කලාත්මක ඡායාරූප ශිල්පියාද, ඡායාරූප විචාරකයාද මේ කිසිදු දෙයක් නිසි අධ්යයනයකින් තොරව අඳුරේ අත පත ගෑමයි...

ශ්රී ලාංකීය ඡායාරූපකරණය තවමත් 1940න් -50 න් මෙපිටට ඇවිත් නැති බවත් Digital තාක්ෂණය හා සම්බන්ධව නිර්මාණය වූ පිළිගත හැකි මට්ටමේ සියුම් කෘතීන් කිසිවක් තවමත් නිර්මාණය වී තිබෙනු මා නම් දැක නැති බවත් පමණි මටනම් කිව හැකි වන්නේ.......
ශ්රී ලංකාව පමණක් නොව තවත් අප දන්නා බොහෝ රටවල මේ තත්ත්වය වඩා වෙනස් නැති බව නම් කිව යුතුය..[සමහර යුරෝපීය රටවල පවා] කෙසේ හෝ වේවා...විනිශ්චය කරුවකු ලෙසට මෙරට බොහෝ තරග වලට සහභාගි වන මුත් මා පෞද්ගලිකව සෑහීමකට පත්වන මට්ටමේ නූතනවාදයෙන් මිදුණු නවමු ඡායාරූපයක් නම් දකින්නේ බොහෝ කලාතුරකිනි...කලාත්මක මානයකින් මිනිය හැකි ඩිජිටල් නිර්මාණ නම් තවම දැක නැති බව පමණි කිව හැක්කේ..
විනිශ්චය වලදී මටනම් බොහෝ විට සිදු වන්නේ සාපේක්ශව වඩා හොඳ එකට කැමති වීමට හෝ තුනෙන් දෙකේ කැමත්තට හිස නමා නිහඬ වන්නටය....

ඡායාරූපයක් කලාත්මකව සළකා බලද්දී එය ඩිජිටලි මැනිපියුලේටඩ් නැද්ද යන්න අදාළ නොවන බවයි කිව යුතු අනෙක් කාරණය...එය හරියට චිත් පැස්ටල් සහ දියසායම් ලෙස වෙන් කර සළකනවා වගේ මෝඩ වැඩක්....කළ යුත්තේ එය කලාත්මක ප්රකාශණයක් ලෙස ගෙන විවරණය කිරීමයි........අපේ පතාක ඡායාරූප ශිල්පීන්ට තාම පරිගණකය තබා කැමරාව වත් ගැඹුරු කලා මාධ්යයක් ලෙස පරිහරණය හුරු නැති නිසා කරන කුහක කමක් පමණයි ඕක........!!!!!!!!!!!!!!

පොතේ හැටියට ලයිටිං, කොම්පොසිශන් තියේද කියා බලනවා විනා ඡායාරූපයක ප්රකාශණයේ කලාත්මක ගැඹුරක් විශ්ලේෂණය කළ හැකි ඡායාරූප ශිල්පීන් වත් විචාරකයන් වත් අපට කෝ......?????

උදාහරණයකට ගතහොත් අද වන විට යම් මට්ටමක සිනමා විචාරයක් ශ්රී ලංකාව තුළ පවතිනවා....සිනමා පටයක් තුළින් විවරණය වන සමාජ යථාර්තය සහ එහි ප්රකාශණයට සිනමා රූපය සහ ශබ්දය [ලයිටිං,කොම්පොසිශන් ඇතුළුව] උපයෝගී වන අයුරු අපි කතා කරනවා [පතිරාජ මහතාගේ බඹරු ඇව...ිත් වැනි චිත්රපටි උසස් ලෙස සලකන්නේ එහි ලයිටිං,කොම්පොසිශන් ලස්සන නිසා නොවේ, එහි සමාජ දේශපාලනික කතිකාවේ ප්රබලත්වය නිසයි] සාහිත් කෘතියකටත් එහෙමයි[අඩුම ගානේ අවුරුදු ගාණක් පැරණි යථාර්තවාදී කලා විචාරය පමණක් වත් සලකා බැලුවත්]........නමුත් ඡායාරූපයක් මනින්නට හුදෙක් එහි ආකෘතියේ සුන්දරත්වය පමණක් බලනවා......


පසු ගිය අගෝස්තු මස පවත්වන්නට යෙදුණු එප්සන් ඩීබග් සමාගම සංවිධානය කළ ඡායාරූප තරගය සහ ප්‍රදර්ශනයේ දී තමන්ට ත්‍යාග නොලැබීම ගැන උරණ ව, කීර්තිරත්න කාර්යවසම් ගම්හේවා මහතා විසින් මූණු පොතේ පළකල අවලාද සඳහා පිළිතුරක් ලෙස මෙම ලිපිය පළ කරමි. ඔහු විසින් පෞද්ගලික ව මවෙත එවන ලද ඊ මේල් කඳහා දෙවනු ව සටහනක් තබන්නට බලාපොරොත්තු වෙමි. - ඉන්ද්‍රනාථ තේනුවර.


Share/Bookmark

2 comments:

  1. ඉතා වැදගත් අදහස් ‍රැගත් මෙම ලිපිය Digital Creations අංශයෙන් නිර්මාණාතමක යමක් කිරීමට උත්සාහ කරන සමස්ථ කලාශිල්පියන්ට බෙහෙවින්ම වටිනා ලිපියක්. බොහොම ස්තුතියි සිතුමිණ මහතානෙනි ඔබගේ වටිනා අදහස් පිලිබදව, ඒ වගේම මෙම ලිපිය අප හා බෙදා හදා ගත්තාට ගොඩක් ස්තුතියි ඉන්ද්‍රනාථ මහතාණෙනි.

    ReplyDelete