Thursday, March 31, 2011

හෙණ ගහන වැඩ

මේ අප්‍රෙල් මාසය, සිංහල අවුරුදු සමයට වාගේ ම අකුණු සඳහාත් ප්‍රසිද්ද ය. අකුණු ඡායාරූප ගත කිරීම අකුණකින් බේරෙනවා වාගේ ම අමාරු වැඩකි. රාත්‍රී කාලයේ දී නම් අකුණු වදින ආකාරය ඡාවාරූප ගත කිරීම පහසු ය. නමුත් දහවල් කාලයක අකුණු වදින අයුරු ඡායාරූප ගත කිරීමටනම් ඒ සඳහා ම විශේෂයෙන් නිර්මිත ආලෝක සංවේදී ද්වාර පාලකයක් මිලට ගත යුතු වෙයි.

නමුත් ෆොටෝෂොප් මෘදුකාංගය භාවිතයෙන් ඔබට කැමැති වේලාවක, කැමැති ඡායාරූපයක් මත අකුණක් සටහන් කර ගත හැකි ය.

පළමුවෙන් ම රෙසොලූෂන් 200ක් වන අඟල් 5 x 7 ප්‍රමාණයේ අලුත් කැන්වසයක් සාදා ගන්න.
ඉන්පසු කලර් පැලටයේ වර්ණ දෙක කළු සහ සුදු ලෙස සකසන්න. ඊට පසු ග්‍රේඩියන්ට් ටූලය සක්‍රිය කොට. එහි ආකාරය ලීනියර් Linear ලෙසින් ගෙන පින්තූරයේ පෙනෙන ආකාරයට ග්‍රේඩියන්ට් එකක් දමා ගන්න.
දැන් ෆිල්ටර් මෙනුවේ රෙන්ඩර් හි ඩිෆරන්ස් ක්ලවුඩ් Filter > Render > Deference Clouds ෆිල්ටරය ඊට ආදේශ කරන්න. එවිට කැන්වසය මේ ආකාරයට දිස්වෙයි. ඉන් පසු ඉමේජ් මෙනුවේ ඇඩ්ජස්ට්මන්ට්හි ඉන්වර්ට් විධානය Image > Adjustment > Invert (Ctrl + I) මගින් එය ප්‍රතිලෝම කරන්න. එවිට එය මේ ආකාරයට දිස් වෙයි. දැන් නැවත ඉමේජ් මෙනුවේ ඇඩ්ජස්ට්මන්ට්හි ලෙවල්ස් විධානය Image > Adjustment > Levels (Ctrl + L) දෙන්න. එවිට සංවාද කොටුවක් මතු වෙයි. තිර රූපයේ දැක්වෙන ආකාරයට එහි සුදු පැහැය අවම කරන්න. එවිට කැන්වසයේ රූපය තනි කළු වන අතර, සිහින් සුදු රේඛාවක් පමණක් ඉතිරි වෙයි. ඊට පසු මේ රූපයේ ඇති අනවශ්‍ය කොටස් කළු පාටින් වසා දමන්න. දැන් අපි අකුණක මූලික හැඩය සාදා ගෙන අවසන් ය. ඉන් පසු අප කළ යුත්තේ මේ අකුණ තවත් රූපයක් මත ට ගෙන යාම ය. ඒ සඳහා ඔබ කැමති රූපයක් තෝරා ගන්න. එය විවෘත කර ගෙන ඒ මතට මේ සාදා ගත් රූපය ඩ්‍රෑග් කර ගන්න. එසේ ගත් මේ අලුත් රූපය අලුත් ලේයරයක පිහිටන අතර, ඒ ලේයරයේ මෝඩ් එක ස්ක්‍රීන් ලෙස සකසන්න. එවිට සැනෙකින් එහි කළු පාට නොපෙනී සුදු පාට රේඛාව පමණක් ඉතිරි වෙයි. දැන් ට්‍රාන්ස්ෆෝම් විධානයෙන් එම රූපය අවශ්‍ය ආකාරයට සකසා ගන්න. කොන්ට්‍රෝල් යතුර ඔබාගෙන එහි කෙළවරවල පෙනෙන නෝඩ්වලින් අල්ලා ඔබට කැමති ආකාරයට එම රූපය සකස් කර ගන්නට ඔබට පුලුවන. දැන් Ctrl + J විධානය මගින් මේ අකුණු ‍රූපයේ නව පිටපතක් ඒ මත ම සාදා ගන්න. එය ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි ගෂන් බ්ලර් මගින් එය තරමක් බ්ලර් කර ගන්න. එසේ බ්ලර් කළ රූපයේ ම තව පිටපත් දෙක තුනක් Ctrl + J විධානය මගින් ම සාදන්න. ඒවා සෑදෙන්නේ ස්ක්‍රීන් ආකාරයට ම ය. ඉන් පසු ‍ඉහළ ම ලේයරය සක්‍රිය කොට Ctrl + E (Merge Down) විධානය මගින් ඒ බොඳ කළ රූප ටික එකට පිළිවෙලට පහළට එකතු කර ගන්න. (මුල් අකුණ හැර) එවිට එම රූප යළි කළු පාට වෙයි. දැන් මේ කළු පදාසය ඉමේජ් මෙනුවේ ඇජස්ට්මන්ට් හි බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් Image > Adjustment > Brightness Contrast මගින් යළි කළු සුදු අතර අන්තරය දැඩි කරන්න. යළි බ්ලර් කරන්න. ඉන් පසු යළි එහි ලේයර් මෝඩ් එක ස්ක්‍රීන් කරන්න. දැන් එහි අනවශ්‍ය දිලිසීම් පෙනෙයිනම් ඉරේසරය ගෙන ඒවා මකා දමන්න. මේසේ අවසන් කළ පසු සියලු ලේයර එකට අලවාගෙන එය සේව් කර ගන්න. අරයාට මෙයාට හෙණ ගහපන් කියනවාට වඩා මේ ක්‍රමය ලෙහෙසි ය...!!!

Share/Bookmark