Monday, December 27, 2010

Multiplicity Photography බහුවිධ ඡායාරූප




ඡායාරූප ශිල්පය ලොව පහළ වූවාට පසු, තැණුනු විවිධ කැමරා අතර අධි තාක්ෂණික කැමරා සඳහා ඈත්තේ වෙසෙස් ස්ථානයක්. ඉන් බොහෝ වැඩ නොකෙරුණත්, කරන වැඩවලින් ලැබෙන්නේ විපුල ආනන්දයක්. මේ දැක්වෙන්නේත් එවැනි තාක්ෂණික විප්ලවයක්.

තත්පරයට රූප රාමු විශාල ප්‍රමාණයක් සටහන් කර ගත හැකි කැමරා අතිශයින් මිල අධික වෙයි. විදේශීය ඡායාරූප ශිල්පීන් අතලොස්සක් දෙනා අතර එවැනි කැමරා තිබුණ ද අප රට තුළ ඈත්තේ උපරිම වශයෙන් තත්පරයට රූප රාමු 11ක් සටහන් කර ගන්නා කැමරා පමණි. මේ බහුවිධ ඡායාරෑප ගැනීම සඳහා අපට ප්‍රධාන ක්‍රම දෙකක පිහිටාධාරය ලබා ගන්නට හැකි ය.

1. අධිවේගී ද්වාර සහිත කැමරාවකින් එකම අවස්ථාවක එක ම ඉසව්වක් නොනවත්වා ඡායාරූප ගත කිරීමෙන්. මේ සඳහා ද කැමරාව නොසෙල්වී එක ම ස්ථානයක තිබිය යුතු ය.

2. එක ම අරමුණක් විවිධ තැන්වල තබමින් රූප රාමු ගණනාවක් ලබා ගෙන ඒවා එකිනෙකට බද්ධ කිරීමෙන්. මේ සඳහා ද කැමරාව එක ම තැනෙක නිශ්චල ව තිබිය යුතු වෙයි.
එමෙන් ම, එක ම නාභි තලයක් Focal plain , එක ම අනාවරණ අගයක් Exposure value සහ එක ම කැමරා කෝණයක් Camera Angle භාවිතා කිරීම අනිවාර්යය වෙයි. එමෙන් ම පසු බිමේ තිබෙන වස්තූන් ද නොසෙල්වී තිබෙයිනම් වඩාත් හොඳ සහ පහසු ය.

අප මේ අත්හදා බලන්නට යොදා ගන්නේ අපේ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවකු මෙන් ම නිරන්තරයෙන් ම සතත අභ්‍යාසයේ යෙදෙන ඡායාරූප ශිල්පියකු වන මිලින්ද වීරසේකරගේ http://www.facebook.com/home.php?#!/milindaw ඡායාරූප කිහිපයකුයි.

පළමුවෙන් ම විශාල පසුතලයක් තෝරාගෙන එහි ආලෝක තත්ත්වය මැනගෙන. එක ම අනාවරණ ප්‍රමාණයකට කැමරාව සකස් කර ගන්න. එය ශ්‍රමායික Manual විය යුතු ය. ඊ ළඟට කැමරාව එක ම නාභි තලයකය නාභි ගත කරන්න. එබේ අරමුණු සියල්ල ඒ තලයේ ම සිටින්නේනම් වඩා හොඳ ය.ඊට පසු කැමරාව හොඳ ත්‍රිපාද පීඨයක් Try-pod මත නොසෙල්වෙන සේ ස්ථාන ගත කරන්න. එසේ කළ පසු කැමරාව නොසොල්වා, ඡායාරූපයට හසු කර ගන්නා අරමුණ පමණක් වෙනස් කරමින් ඡායාරූප සටහන් කර ගන්න. මෙසේ කළ පසු කැමරාවේ කොටස අවසන් වෙයි.
ඉන් පසු අප ප්‍රයෝජනයට ගන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. සියලු ඡායාරූප විවෘත කරගෙන, එක් ඡායාරූපයක් මතට අනෙක් ඡායාරූප සියල්ල ම පිළිවෙලින් ගෙන ආ යුතු ය.

කොපි Copy කොට පේස්ට් Past කිරීම හෝ ඩ්‍රෑග් Drag කිරීම හෝ යන දෙකින් එකක් මේ සඳහා භාවිතා කළ හැකි ය.

අප මේ කාර්යය සඳහා ප්‍රයෝජනයට ගන්නේ ලේයර් පැලටයේ ඈති ලේයර් මාස්ක් Layer Mask පහසුකමත්, පින්සල සහ පේන්ට් බකට් යන ටූල් දෙකත් පමණි.

පළමුවෙන් ම ටූල් පෙට්ටියේ ඈති කලර් පැලටය කළු සහ සුදු බවට හරවාගන්න. ඒ සඳහා යතුරු පුවරුවේ ඩී D අකුර එබීම සෑහේ. දැන් පින්සල් ටූලය සක්‍රිය කර ගන්න. කැන්වසය මත රයිට් ක්ලික් කළ විට බ්‍රෂ් ටූල් ප්‍රීසෙට් වින්ඩෝව ඈර ගත හැකි ය. ඉන් තුඩේ හැඩය නොවිහිදෙන දැඩි Hard ආකාරයක් තෝරා ගන්න. මේ පින්සල් තුඩේ ප්‍රමාණය ලොකු වරහන් යතුරු මගින් සීරු මාරු කර ගන්නට පුලුවන.



ඉන් පසු ලේයර් පැලටයේ යට දාරයේ ඈති අයිකන් පේළියෙන් මැද රවුමක් සහිත අයිකනය ක්ලික් කළ විට ලේයර් මාස්ක් විධානය සක්‍රිය කර ගත හැකි ය. එසේ එය සක්‍රිය කළ විට ලේයර් පැලටයේ ඉමේජ් තම්නේලයට Image Thumbnail යාබදින් සුදු කොටුවක් සටහන් වෙයි. දැන් ඔබ පින්සලය ගෙන කළු වර්ණයෙන් ඉමේජයේ තෝරාගත් අරමුණ වටා ඉරකින් වටයක් අඳින්න. ඒ අඳින ඉර ඔබට නොපෙනෙයි. (එය දකින්නට අවශ්‍යනම් අනෙක් සියලු ම ලේයර්වල ඈස් සළකුණක් සහිත කොටුවට ක්ලික් කර එහි විසිබිලිටිය Layer Visibility ඕෆ් කර ගන්න.)




මෙසේ ඈඳ අවසන පේන්ට් බකට් ටූලය ගෙන එම අඳින ලද රවුමට පිටින් කළු පාට පදාසයක් වත් කරන්න. මේ කළු පාට මගින් කෙරෙන්නේ ඉමේජය මත මාස්ක් එකක් දැමීමයි. එවිට ඉමේජයට කිසිදු හානියක් නොවී ඒ කොටස වසා දමන්නට අපට පුලුවන. එහි වැසුණු කොටසක් යළි අවශ්‍යනම් කළ යුත්තේ ඒ මත සුදු පාට ගෑම පමණකි.

එසේත් නැතිනම් එය ම තවත් ආකාරයකට කළ හැකි ය. පින්සලය ගෙන කළු පාටින් අදාල ලේයරයේ ඉමේජය මත සීරුවෙන් අඳින්න. එවිට අවශ්‍ය රූපය වැසෙයි. එසේ සම්පූර්ණයෙන් ම රූපය වැසුණු පසු, ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්ට් හි ඉන්වර්ට් විධානය Image > Adjustment >Invert (Ctrl + I) දුන් විට, සැණෙකින් ඔබේ මාස්ක් එක අනිත් පසට අනුලෝම වෙයි. එවිට සිදු වන්නේ රූපය ඉතිරි වී පසුබිම වැසී යෑමයි. මේ ආකාර දෙකෙන් ඔබට පහසු ආකාරයක් තෝරාගෙන රූප මාස්ක් කර ගන්නට පුලුවන.

දැන් මෙසේ මාස්ක් කර ගත් ඉමේජය විසිබිලිටිය මගින් ඕෆ් කරන්න. එවිට යට ඈති ලේයරය පෙනෙන්නට පටන් ගනියි. මේ ආකාරයට සියලු ම ලේයර් මත මාස්ක් අඳිමින් අනවශ්‍ය රූප කොටස් වසා දමන්න. වසා අවසන් වූ පසු විසිබිලිටිය ඕෆ් කර යට ලේයරයට ද එසේ ම කරන්න. මෙසේ තිබෙන ලේයර් සියල්ල ම සක්‍රිය කරමින් මාස්ක් දමා ගන්න.

සියල්ල අවසන් වූ පසු යළි ඈස් රූපයට ක්ලික් කරමින් ඒවා දර්ශනය වන්නට සළස්වන්න. සියලු ම රූප කිසිදු අතුරු ආන්තරාවකින් තොර ව එක මත එක තිබෙණු ඔබට පෙනේවි. අවසානයේ මේ සියලු ලේයර් තනි ලේයරයක් ලෙසට ශිෆ්ට් කොන්ට්‍රෝල් ඊ Shift + Ctrl + E යතුරු මගින් මර්ජ් Merge කර ගන්න.



♦ නූතන ෆොටෝෂොප් නව සංස්කරණ සමග ඔබ මේ සංස්කරණය කර ගැනීම සඳහා මෙසේ වද විය යුතු ම නැත.
එක්කෝ කළ යුත්තේ මෙසේ වෙන් වෙන් ව ගන්නා සියළු ඉමේජ, එක ම කැන්වසයක් මතට ගෙන, ඒ සියල්ල ස්ටැක් කිරීම පමණි. ඊට අවශ්‍ය විධාන ඇත්තේ එඩිට් මෙනුවේ ය.
පළමු ව ඔටෝ අලයින් ලේයර්ස්. ඉන්පසු ඔටෝ බ්ලෙන්ඩ් ලේයර්ස්..



එසේත් නැතිනම් ෆයිල් මෙනුවේ ඕටොමේට් හි ස්ක්‍රප්ට් මෙනුවෙන් අදාලල සබ්මෙනුව තේරීම ය.


Share/Bookmark

Monday, December 20, 2010

මිලින්ද වීරසේකරගේ ඡායාරූප.


මිලින්ද වීරසේකර කියන්නෙ අපට ඉන්න තවත් දක්ෂ නිර්මාණ ශිල්පියෙක්.. නිරන්තරයෙන් සතත අභ්‍යාසයේ යෙදෙන්නෙක්. ඒ නිසා ම කාගේත් දැන ගැනීම සඳහා මිලින්දගේ මේ ඡායාරූප කිහිපයේ අඩුපාඩු පොදුවේ කතා කරන එක හොඳයි කියල හිතුණ.

01. ගල්කිස්ස වෙරළ තීරයේ සිටින මේ පුද්ගලයාගේ ඡායාරූපය දෙස බලන්න.ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් (නීති නෙමෙයි..අවශ්‍ය තැනෙකදී අත්‍යාවශ්‍ය වේ නම් පමණක් මේ රීතීන් වෙනස් කළ හැකියි.) අතර තියෙන එක් වැදගත් වගන්තියක් තමයි, එකිනෙක පරයා නැගෙන Merge අරමුණුවලින් තොර විය යුතු ය කියන එක. මේ මිනිසා පිටුපසින් තිබෙන බඩු මල්ල සහිත කොටස අපට පෙනෙන්නෙ තවත් කෙනෙක් සිටින ආකාරයටයි. එය වඩාත් හොඳින් අප ඈස ගැටෙන්නේ මෙහි තම්නේල් පින්තූරය දුටු විටයි. ඒ බඩු පොදියත් තවත් අරමුණක් සේ දැඩි ව නැගී සිටින නිසායවන්, මේ ප්‍රධාන සංසිද්ධිය යටපත් වී යයි.
​ෆොටෝෂොප් වැනි ප්‍රතිරූප සංස්කරණ මෘදුකාංගයක පිහිටෙන් ඒ බාධාව ඉතා පහසුවෙන් ඉවත් කර ගත හැකියි. එසේ කරන්නට නිර්මාණ ශිල්පියාට පූර්ණ අයිතියක් ද තිබේ..එසේ කළ විට මේ ඡායාරූපය ම පෙනෙන සැටි බලන්න.02. ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේ ම සිට, මුහුද දෙස බලා සිටින මේ කාන්තාව සහිත ඡායාරූපය ද අපට ලොකු කතන්දරයක් කියා පායි. නමුත් මේ ඡායාරූපයේ බැලුම් බෝල ගොන්නට යටින් පෙනෙන සුදු කමීසයක් ඈඳ සිටින පුද්ගල රූපය නිසා, මුලු ඡායාරූපයේ ම ඒකාත්මිතිය බිඳී යයි. එය ද පහසුවෙන් ඉවත් කර ගත හැකි ව තිබිණි.
03. ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් අතර තවත් වැදගත් වගන්තියකි, ඡායාරූපය අතිශය සංකීර්ණ Complicated නොවිය යුතු ය යන්න. මේ ඡායාරූපය ඊට හොඳ ම නිදසුනකි. එහි ඈති වස්තූන් බහුල බව නිසා ම අපට කිසිවක් දෙස එක එල්ලේ ඈස් යොමු කළ නොහැකි බවක් දැනේ. එනිසා ම කිසිවක් අපට පැහැදිළි ව නොපෙනේ. මේ ඡායාරූපය ම, මා විසින් ගත්තේනම් මම ඊට හසු කර ගන්නේ මේ කොටස පමණි.!!!

Share/Bookmark