කරන ලද ඉල්ලීමක් නිසා ය. ඒ වෙනුවෙන් මට මිඩංගු කළ යුතු වූ කාලය අතිශය දරුණු නමුදු, එය කරන්නට ම මම සිතා ගතිමි.
පළමුවෙන් ම අපි දිනේෂ් ගමගේ ප්‍රකාශයට පත් කළ ඉමේජය බලමු. එහි පසුබිම බොඳ කළ ආකාරය සහමුලින් ම වැරදි ය.

මේ ඇත්තේ එය
ආසන්න තරම් නිවැරදි ව ((තවත් අඩුපාඩු සැකසිය හැකි ය.) සකස් කළ ආකාරයයි.
පළමුවෙන් ම අපි මේ ප්‍රතිරූපය ෆොටෝෂොප් වෙතට අරගෙන එමු. ඉන්පසු පළමුවෙන් ම කළ යුත්තේ ඔබ එහි පසුබිම බොඳ වන ආකාරය ගැන මූලික සැලසුමකට පැමිණීමයි. එසේ සිතා බලා, ඒ අනුව කැන්වසය මත, ගයිඩ් ලයින් දමා ගනිමු. කැමරාවට වඩා කිට්ටු කොටස, නිරූපිකාව සිටින කොටස, ඈට පිටුපස කොටස සහ වඩා ඈත කොටස යන ආකාරයට ගයිඩ් ලයින් දමා ගත්විට සංස්කරණය වඩා පහසු වෙයි.
අපි සම් සියලු කාර්යයන් කරන්නට උත්සාහ කරන්නේ ක්වික් මාස්ක් Quick Mask ටූලය සමග ය. එය ඇත්තේ ටූල් පෙට්ටියේ යට ම හරියේ ය. කලර් පිකරයටත් යටිනි. මේ ටූලයට ක්ලික් කළ විට කලර් පැලටය කළු සහ සුදු බවට පත් වෙයි. එමෙන් ම සක්‍රිය ව පවතින ලේයරය අළු පාට වෙයි. ක්වික් මාස්ක් ටූලයෙන් වැඩ අරඹන්නට කලින් ඒ මත ඩබල් ක්ලික් කළ යුකු ය. එවිට ක්වික් මාස්ක් ඔප්ෂන් Quick Mask Option වින්ඩෝව මතු වෙයි.

එහි සිලෙක්ටඩ් ඒරියා Selected Areas යන රේඩියෝ බොත්තමට ක්ලික් කර එය සක්‍රිය කිරීම අත්‍යාවශ්‍ය ය. හැම විට ම ක්වික් මාස්ක් ටූලයට ක්ලික් කරනවාට වඩා යතුරු පුවරුවේ කිව් Q අකුර එබීමෙන් ද මේ පහසුකම වඩා ඉක්මණින් ලබා ගන්නට පුලුවන. ක්වික් මාස්ක් සක්‍රිය ව ඇති විට ඇඳෙන්නේ රතු පාටිනි. (පසුබිම් වර්ණයට අනුව ඕනෑ ම මොහොතක මේ වර්ණය වෙනස් කර ගන්නට ද පුලුවන.) ක්වික් මාස්ක් එක සක්‍රිය කර ගෙන අප අඳින්නේ පින්සලෙනි. නමුත් පැන්සල ද භාවිතා කළ හැකි ය. (එය එතරම් සුමට නැත.) බ්‍රෂ් ඔප්ෂන් බාරයේ මෝඩ් Mode එක නෝමල් Normal ද, ඔපැසිටි Opacity 100%ක් ද, ෆිල් Fill 100%ක් ද විය යුතු ය.
දැන් බ්‍රෂ් Brush Tool(B) ටූලය සක්‍රිය කර ගෙන, මෙනු බාරයට යටින් ඇති ඔප්ෂන් බාරයේ මුලින් ම ඇති, බ්‍රෂ් ටිප් ෂේප් Brush Tip Shape පැලටය ඇර ගන්න. එයින් වට දාරය Hardness දැඩි පින්සල් තුඩක් තෝරා ගන්න.

ඉන් පසු යතුරු පුවරුවේ එන්ටර් යතුරට උඩින් ඇති ලොකු වරහන් {}[] යතුරු දෙකෙන් මේ පින්සල් තුඩේ ප්‍රමාණය ඔබට අවශ්‍ය ආකාරයට ලොකු හෝ කුඩා හෝ කර ගත හැකි ය. දැන් ලොකු පින්සල් තුඩක් ගෙන ඉන් පින්තූරයේ යට දාරයේ තණකොල පදාසයට අනුව, වර්ණ ගන්වන්න. ඉන් පසු කුඩා පින්සල් තුඩක් ගෙන, තණකොළ හැඩයට ඇඳ ගන්න. මෙසේ ඇඳ අවසන් වූ පසු කිව් Q අකුර ඔබන්න. සැනෙකින් රතු පාට පදාසය නලියන කඩ ඉරි රේඛාවකින් සිලෙක්ෂන් Selection එකක් බවට පත් වෙයි.


දැන් කළ යුත්තේ මේ සිලෙක්ට් කළ කොටසේ පිටපතක් ගැනීමයි. ඒ සඳහා කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න. සැනෙකින් එතැන නව ලේයරයක් සෑදෙයි. එය අපට වෙන ම නොපෙනුනාට ලේයර් පැලටයේ ඈති ඇස් රූපය හෙවත් ලේයර් විසිබිලිටියට Layer Visibility ක්ලික් කර, බැක්ග්‍රවුන්ඩ් ලේයර් එක ඕෆ් කිරීමෙන් අපට එම නව ලේයරයේ හැඩය බලා ගන්නට පුලුවන.

මී ළඟට අප නිරූපිකාව සිටින තලය සිලෙක්ට් කර ගත යුතු ය. පළමුවෙන් ම ලේයර් පැලටයේ, බැක්ග්‍රවුන්ඩ් ලේයරයට ක්ලික් කර එය ඇක්ටිව් කර ගත යුතු ය. ඉන් පසු ටූල් පෙට්ටියේ උඩින් ම දෙවනුවට ඇති, රෙක්ටෑන්ග්යුලර් මාර්කී Rectangular Marquee ටූලයෙන් මේ කොටස පුරා ලොකු කොටුවක් ඇඳ ගන්න.

ඉන් පසු කිව් අකුර ඔබන්න. සැනෙකින් එය රතු පාටින් පිරේවි. දැන් ෆිල්ටර් මෙනුවේ බ්ලර් ෆිල්ටර් ගොන්නෙන් ගෂන් බ්ලර් Filter > Blur > Gaussian Blur ෆිල්ටරය සක්‍රිය කරන්න.

ලැබෙන සංවාද කොටුවෙන් එහි අගය වැඩි කරන්න. ඉන්පසු ඕකේ කරන්න. දැන් රතු කොටුව සහ මුලින් ම බොඳ වී ඈති වග ඔබට පෙනේවි. ඉන් පසු යළි කිව් Q අකුර ඔබන්න. එය සිලෙක්ෂන් එකක් බවට පත් වෙයි. දැන් යළි ඔබා එහි ද නව පිටපතක් සාදා ගන්න. ඊට පසු යළි බැක්ග්‍රවුන්ඩ් ලේයරය සක්‍රිය කර ගන්න.
නිරූපිකාවගේ ඉදිරියට දිගු වී ඈති පාදය ද අවුට් ඔෆ් ෆෝකස් Out of Focus විය යුතුයි නෙ.

දැන් අප මේ පාදය සකසා ගනිමු. පළමුව කැන්වසයේ දෘෂ්‍ය රූපය හැකි තරම් විශාල කර ගන්න. ඕනෑම ටූලයක සිටිමින් ලොකු ස්පේස් යතුර එබූ විට එය තාවකාලික ව, හෑන්ඩ් ටූලය බවට පත් වෙයි. රූපයේ නොපෙනෙන කොටස් තිරයේ පෙනෙන ඉසව්වට ඇද ගෙන එන්නට මේ හෑන්ඩ් ටූලයෙන් පුලුවන. ( කැන්වසයේ දෘෂ්‍ය රූපය ලොකු කරන්නේ කොන්ට්‍රෝල් යතුර සමග + යතුර එබීමෙනි. එය කුඩා කරන්නේ කොන්ට්‍රෝල් යතුර සමග - යතුර එබීමෙනි. කැන්වසය තිරය පුරා පෙනෙන්නේ කොන්ට්‍රෝල් යතුර සමග 0 බිංදුව එබීමෙනි.) දැන් යළි ක්වික් මාස්ක් සක්‍රිය කර ගෙන පින්සලෙන් මේ පාදය වටා සීරුවෙන් අඳින්න. ඇඳ අවසන පේන්ට් බකට් Paint Bucket ටූලයෙන් මේ ඇඳි රූපය මැදට ක්ලික් කර මැද කොටස රතු පාටින් පුරවන්න. හැම විට ම, පේන්ට් බකටය තුන් වරක් ක්ලික් කරන්න මතක තබා ගන්න. දැන් යළි කිව් අකුර ඔබන්න. සැනෙකින් මේ රතු පදාසය සිලෙක්ෂන් එකක් බවට පත් වෙයි. දැන් යළි ඒ පාද කොටසේ පිටපතක් සාදා ගැනීමට කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න.
මීට පසු අප, නිරූපිකාව සීරුවෙන් සිලෙක්ට් කර ගත යුතු ය. ක්වික් මාස්ක් එක සමග පින්සලෙන් නිරූපිකාවගේ වටේ අඳින්නට පටන් ගන්නට කළින් මේ පෙනෙන රූපය හැකි තරම් විශාල කර ගන්න. ඉන් පසු හොඳ ඉවසීමෙන් සහ සැලකිල්ලෙන් ඈගේ සිරුර වටා සහ වාඩිවී සිටින පුටුව වටා ද ඉරක් ඈඳ ගත යුතු ය. සෑම රේඛාවක් ගැන ම සීරුවෙන් බලන්න. මුලින් අප සිලෙක්ට් කොට තැබූ පාදම් කොටසට වැසෙන තැන් නැවත ඇඳීම අත්‍යාවශ්‍ය නොවේ.

ඒ නිසා රූපයේ පෙනෙන ආකාරයට ඇඳ ගැනීම සෑහෙයි. මෙසේ ඇඳ ගත් පසු පේන්ට් බකට්ටුවෙන් තුන් වරක් එය පුරවා ගන්න. ඊට පසු කොණ්ඩය ළඟ කොටස විශාල කර ගෙන වටේට විහිදුනු කෙස් මත, සිහින් බ්‍රෂ් තුඩකින් සීරුවෙන් අඳින්න.
ඊට පසු බ්ලර් ටූලය ගෙන මේ කෙස් ගස් මත අතුල්ලමින් ඒවා බොඳ කරන්න.

මෙසේ ඈඳ අවසන් වූ විට යළි කිව් අකුර ඔබා එය සිලෙක්ෂන් එකක් බවට පත් කර ගන්න.
ඊට පසු සිලෙක්ට් මෙනුවට යන්න. එහි මොඩිෆයි යටතේ ඇති කන්ට්‍රැක්ට් Select > Modify > Contract (සංකෝචනය) උප මෙනුව සක්‍රිය කරන්න.

එවිට සංවාද කොටුවක් මතු වී මේ සිලෙක්ෂන් එක කොපමණ සංකෝචනය කළ යුතුදැයි ඔබෙන් අසයි. එය එක පික්සලයක් ලෙස සකසන්න. ඔකේ කරන්න. ඉන්පසු කොන්ට්‍රෝල් සහ ඕල්ටර් යතුරු සමග ඩී Ctrl + Alt > D අකුර ඔබන්න. එවිට ෆෙදර් Feather සංවාද කොටුව මතු වෙයි. ඉන් .5ක ෆෙදරයක් දෙන්න. දැන් මේ සකසා ගත් සිලෙක්ෂන් එක අනුව බැක්ග්‍රවුන්ඩ් ලේයරයෙන් නිරූපිකාවගේ පිටපතක් සාදා ගන්න.
මීට පසු අප කළ යුත්තේ පසුබිම සකසා ගැනීමයි. පළමුව නැවතත් රෙක්ටෑන්ග්යුලර් මාර්කී ටූලයෙන් නිරූපිකාවගේ පසු තල කොටස සිලෙක්ට් කර ගන්න.

කිව් ඔබන්න. ෆිල්ටර් මෙනුවෙන් ගෂන් බ්ලර් විධානය දෙන්න. යළි කිව් ඔබා සිලෙක්ට් කර ගන්න. එහි පිටපතක් සාදා ගන්න.
මෙසේ කර, නැවතත් පසුබිමෙන් තවත් කොටසක් සිලෙක්ට් කර ගන්න. එහි ද පිටපතක් සාදා ගන්න. දැන් අපට අවසන් සංස්කරණය සඳහා අවශ්‍ය වන සියලු කොටස් සාදා ගෙන අවසාන ය. දැන් ඉතින් වැඩ පටන් ගනිමු.
පළමුවෙන් ම නිරූපිකාවගේ ඉදිරියෙන් ම ඈති තණකොල බිස්ස බොඳ කර ගත යුතු වෙයි. මේ ලේයරය ඇක්ටිව් කර, (ලේයර් පැලටයේ අදාල ලේයරය මත ක්ලික් කිරීමෙන්) ඊට ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි ලෙන්ස් බ්ලර් Filter > Blur > Lens Blur උප මෙනුව සක්‍රිය කළ යුතු ය. එවිට දැවැන්ත සංවාද කොටුවක් මතු වෙයි.

මේ පෙනෙන තිර රූපයට අනුව අදාල සැකසුම් සකස් කර ගන්න. නමුත් බ්ලර් ෆෝකල් ඩිස්ටන්ස් Blur Focal Distance එක මෙතරම් දිය යුතු නැත. එය අඩු අගයක් දෙන්න. රේඩ්යස් Radius ද, බ්ලේඩ් කර්වර්චරය Blur Curvature ද, රොටේෂන් Rotation ද අඩු කළාට කමෙක් නැත.
ඊට පසු නිරූපිකාව සිටින තලය සහ නිරූපිකාව සහිත ලේයර දෙක ම එකවිට ඇක්ටිව් කර ගන්න. එය කරන්නේ කන්ට්‍රොල් යතුර ඔබාගෙන ම ඒ ලේයර දෙකට ම ක්ලික් කිරීමෙනි.


මෙසේ ඒ දෙක ම හයිලයිට් වූ පසු Ctrl + E යතුරු ඔබන්න. එවිට ඒ ලේයර් දෙක ම එකක් Marge වෙයි. අනෙකුත් ලේයර් විසිබිලිටිවලට ක්ලික් කර, ඒවා ඕෆ් කර බැලීමෙන් එය ඔබට තහවුරු කර ගත හැකි ය.
දැන් පසු බිම ද සකසා ගත යුතු ය. ඒ සඳහා ද දිය යුත්තේ ලෙන්ස් බ්ලර් විධානයයි. අවශ්‍ය තරමින් එය සැකසීමෙන් පසු, පසු බිමේ අනෙක් කොටස ද ඒ ආකාරයෙන් ම බ්ලර් කර ගත යුතු ය. ඒවා සඳහා හැම විට ම වැඩි අගයන් දෙන්න. අවසන පසුබිමේ අග කොටස නැවතත් ගෂන් බ්ලර් ෆිල්ටරය මගින් තව දුරටත් බොඳ කිරීමෙන් ඩෙප්ත් එක තවත් අඩු කර ගත හැකි ය.
අවසාන වශයෙන් කළ යුත්තේ පාද කොටස සැකසීමයි. ලේයර් පැලටයේ පාදය සහිත ලේයර්ය ඇක්ටිව් කර, එහි තම්නේලයට Layer Thumbnail හෙවත් කුඩා රූපය මතට, කොන්ට්‍රෝල් යතුර ඔබා ගෙන ම ක්ලික් කරන්න.


එවිට පාද කොටස පමණක් යළි සිලෙක්ට් වෙයි. ඉන් පසු මේ කොටසට ද, සිලෙක්ෂන් එක තිබිය දී ම, ලෙන්ස් බ්ලර් විධානය ආදේශ කළ යුතු වෙයි. එසේ කොට අවසන, කොන්ට්‍රෝල් සමග ඩී Ctrl + D යතුරු එබීමෙන් සිලෙක්ෂන් එක අහෝසි කර ගත හැකි ය. ඊට පසු ඉරේසර් ටූලය ගෙන, එහි තුඩ බොඳ වූ විශාල අගයක් ලෙස සකසා, පාදයේ ඉහළ කොටස පමණක් මකා දමන්න.

මෙසේ පසුබිම බොඳ කළ පසු, නිරූපිකාවගේ වර්ණය ද පසු බිමින් බොඳ ව දක්නට ලැබීම ආවේනික දුර්වලතාවයකි.


මේ පෙනෙන දුර්වලතාවය මකා ගන්නට අපට තවත් ටූල් කිහිපයක උදව්ව ලබා ගත හැකි ය. ක්ලෝන් ස්ටෑම්ප් ටූලය ඉන් ප්‍රධාන ය. එසේත් නැතිනම් ස්පොට් හීලින් බ්‍රෂ් ටූලය ද උදව්වට ගත හැකි ය.
ක්ලෝන් ස්ටෑම්ප් Clone Stamp ටූලයෙන් කෙරෙන්නේ ඉමේජයේ එක් තැනෙක ඈති රූප කොටසක් ඒ ආකාරයෙන් ම තවත් තැනෙක තැවරීමයි. ස්පොට් හීලින් Spot Healing බ්‍රෂ් ටූලයෙන් කෙරෙන්නේ අවට ඇති රූපයේ විස්තර අනුව ගෙන, ආලේප වන කොටස ඉන් පිරවීමයි.
ක්ලෝන් ස්ටෑම්ප් ටූලයෙන් වැඩ කරද්දී ඕලටර් Alt යතුර ද අත්‍යාවශ්‍ය වෙයි. ආලේප කළ යුතු රූප කොටස සිලෙක්ට් කර ගැනීම සඳහා ඕලටර් යතුර ඔබාගෙන අදාල තැනට පළමුව ක්ලික් කළ යුතු ය. ඉන්පසු දෙවනු ව ක්ලික් කරන තැන එම රූප කොටස බ්‍රෂ් තුඩේ හැඩයෙන් ඒ ආකාරයට ම ආලේප වෙයි. මෙසේ පසුබිමෙන් පෙනෙන බොඳ වූ අනවශ්‍ය වර්ණ පැල්ලම, ක්ලෝන් ස්ටෑම්ප් ටූලයෙන් සහමුලින් ම වසා ගන්නට පුලුවන.

දැන් මේ ඔබට පෙනෙන්නේ අවසන් නිර්මාණයයි. මෙසේ සාදා ගත් රූපය වෙන ම තැනෙක ටිෆ් ගොනුවක් ලෙස සේව් කර, පසු ව සියලු ලේයර් එකට එකතු කළ අවසන් නිර්මාණය වෙන ම තැනෙක සේව් කර ගන්න. මෙසේ සැකසීමෙන්, කැමරාවෙන්, නියමිත කාචය සහ නිවැරදි කාව වවරය භාවිතා කර, අපට ලැබෙන රූපයට ම සමාන රූපයක් ලබා ගන්නට නොහැකි වුව ද,
ආසන්න වශයෙන් සමාන රූපයක් ලබා ගන්නට පුලුවන.
ෆොටෝෂොප් මගින් බොහෝ දේ කළ හැකි ය. නමුත් සියල්ල ම කළ නොහැකි බව තරයේ මතක තබා ගත යුතු ය..!!!
