ඔබ ඔබේ ම කැමරාවෙන් ගත්තු පින්තූරයක් ඇන්ද වගේ දකින්න ආසයි ද..?
පුංචි වැඩක් කරමු...!
ඉස්සෙල්ල ම ඔබ ගත් පින්තූරයක් ෆොටෝෂොප් මෘදුකාංගය මත විවෘත කර ගන්න.
එහි දකුණු පස ලේයර් Layer නමින් පැලටයක් තිබේ. නැතිනම් වින්ඩෝ මෙනුවට ගොස් එහි ඇති ලේයර් විධානයට ක්ලික් කළ විට ලේයර් පැටය ද තිරය මතට එයි.
ඒ ලේයර් පැලටය මත ඔබේ ඉමේජය තිබෙන්නේ බැක්ග්‍රවුන්ඩ් නමිනි. දැන් යතුරු පුවරුවේ කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න. එවිට ලේයර් පැලටය මත Layer 1 නමින් තවත් ලේයරයක් සෑදෙන අයුරු ඔබට පෙනේවි.
මේ ලේයර් මත ක්ලික් කළ විට සක්‍රිය වන්නේ අදාල ලේයරය පමණි. එනම් ඔබ සිදු කරන ඕනෑම සංස්කරණයක් සිදු වන්නේ මේ සක්‍රිය ලේයරය මත පමණකි.
මේ ලේයර් මත ක්ලික් කළ විට සක්‍රිය වන්නේ අදාල ලේයරය පමණි. එනම් ඔබ සිදු කරන ඕනෑම සංස්කරණයක් සිදු වන්නේ මේ සක්‍රිය ලේයරය මත පමණකි.
දැන් මේ ලේයර් පැලටයේ උඩ වම් කෙළවරේ ඇති නෝමල් ලෙසින් පෙනෙන මෝඩ් විකල්පය
දෙස බලන්න. එහි ඇති ඩවුන් ඇරෝවට ක්ලික් කළ විට විකල්ප ගණනාවක් පහළට දිග
හැරෙයි. එයින් කලර් ඩොජ් විකල්පය තෝරන්න. Layer > Blending Mode > Color Dodge සැනෙකින් ඒ ලේයරය මත ඇති පින්තූරයේ වර්ණ අන්තරය දැඩි ව පෙනෙන්නට පටන් ගනියි.
ඉන් පසු ඔබ කළ යුත්තේ ඉමේජ් මෙනුවේ එජස්ට්මන්ට් හි ඇති ඉන්වර්ට් උප මෙනුව Image > Adjustment > Invert සක්‍රිය කිරීමයි. දැන් මේ ලේයරය මත ඇති ඉමේජය සුදු පැහැ වෙයි.
